මෙවර අයවැය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සැළකිල්ලට ගනිමින් සකස් කර බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය අයවැය කතාවේ දී ප්‍රකාශ කළේ ය.
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප හිමිවීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස වසර වසර 05 සිට 10 දක්වා කාලයක් කටයුතු කළ යුතු බව එහිදී මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.
රජයේ කාර්යාල සඳහා නව ඉදිකිරීම් වසර දෙකකට කල්දමන බවත්, රාජ්‍ය ආයතනවල දුරකථන වියදම සියයට 25කින් කපා හරින බවද කී මුදල් අමාත්‍යවරයා, අවශ්‍යතාවය අනුව සූර්ය ශක්තිය යොදාගැනීමට යෝජනාවක් සකස් කරන බවද කීය. සෑම රාජ්‍ය ආයතනයක් සඳහාම පාරිභෝගික පත්‍රිකාවක් සකස් කළ යුතුයි.
තවද රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් සඳහා වු සංශෝධන හා විෂමතා ඉවත් කර නව වැටුප් ව්‍යුහයක් ඇති කරන බවද සඳහන් කළේය. මේ අතර රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන වයස වසර 65 දක්වා දීර්ඝ කෙරේ.