පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අභියෝග අතික්‍රමණය කිරීමේ හැකියාව රජය සතුයි- මුදල් අමාත්‍ය

    නොවැම්බර් 12, 2021

     අභියෝග අතික්‍රමණය කිරීමේ හැකියාව රජය සතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (12) අයවැය කතාවේ දී සඳහන් කළේය.

    එඩිතර නායකත්වය සහ දේශපාලන ස්ථාවරත්වය,3/2 පාර්ලිමේන්තු බලය,ආසියාවේ පරිනතම දේශපාලන නායකත්වය,ස්වාධීන අධිකරණ පද්ධතිය සහ විනය ගරුක රාජ්‍ය සේවය

    ගෝලීය ප්‍රමිතියෙන් යුත් යටිතල පහසුකම්,ජාත්‍යන්තර සබඳතා, මිත්‍ර ශීලී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා,සුවපත් බුද්ධිමත් මානව සම්පතක්,පරිසරයට ඇලුම්කරන ජාතිය,තිරසාර ආර්ථික දැක්ම ඊට හේතුවන බවද සඳහන් කළේය.

    ජීවන වියදම වැඩිවීමේ සැබෑ අභියෝගය පිළිබඳව ද අමාත්‍යවරයා 2022 අයවැය ඉදිරිපත් කරමින් අදහස් දැක්විය මිල ඉහළ පහළ යාමට තිරසාර විසඳුමක් ගෙන ඒමට කිසිදු රජයකට හැකියාවක් නොලැබුණු බව මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.
    පරිභෝජන රටාව වෙනස් වීම, නිෂ්පාදන ඵලදායිතාව ප්‍රමාණවත්ව වැඩි නොවීම, ප්‍රවාහනය සහ ගබඩා කිරීමේ ගැටලු, නිවැරදි තොරතුරු සන්නිවේදනය නොවීම, නූතන තාක්ෂණයට අනුගත වීම,අතරමැදියන්ගේ ගැටළු ඒ සඳහා ප්‍රබල බලපෑමක් එල්ලකර ඇති බව මුදල් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. බලශක්ති අර්බුදය හේතුවෙන් භාණ්ඩ මිල ඉහල ගොස් ඇති බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya