ගොවි වරප්‍රසාද ආරක්ෂා වන, කෘෂිකාර්මික නිෂ්පාදන වලට සාධාරණ මිලක් ලැබෙන, කෘෂිකාර්මික අංශයේ ඵලදායීතාව ඉහළ නංවන, කෘෂිකාර්මික අවදානම් කළමනාකරණය කරමින් කෘෂිකාර්මික සුරක්ෂිතතාවය තහවුරු කරන ජාතික වැඩපිළිවෙලක් මගින් හරිත කෘෂිකාර්මික සංවර්ධන පනතක් (Green Agriculture Development act) ගොවීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සම්පාදනය කිරීම සිදුකරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ, අද (12) පාර්ලිමේන්තුවේ දී අයවැය කතාව (2022) ඉදිරිපත් කරමිනි.
මෙම රජය කවදත් ගොවියා ආරක්ෂා කරගැනීමට කැපවී සිටින බව සදහන් කළ මුදල් අමාත්‍යවරයා, ඒ සදහා මෙතෙක් පැහැදිලි නීති සකස් වී නොතිබුණු බවද සිහිපත් කළේය