සෑම ක්ෂේත්‍රයක් කෙරහිම අවධානය යොමු කර තිබෙනවා -අමාත්‍ය ගාමීණී ලොකුගේ
මෙවර අයවැය සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම අවධානය යොමු කර ඇතැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය. ඒ් අය වැය විවාදයෙන් අනතුරුව පැවති සාම්ප්‍රදායික තේ පැන්
සංග්‍රහයට එක්වෙමිණි.පාසල් වෑන් පදවන රියදුරන් දිහා මෙන්ම ගමේ ත්‍රීවිල් රථ ඒලවන අය දිහා මෙවර අයවැයෙන් අවධානය යොමු කර ඇති බවද කීය.
මුළු ලෝකයේම තිබෙන ආර්ථික පරිහානියත් සමග අමාත්‍යවරුද යම් යම් පරිත්‍යාග සිදු කළ යුතු බව ගාමිණී ලොකුගේ පවසයි.
බහුතර ජනතාවගේ යහපත වෙනුවෙන් නීති රීති ගෙන ඒමට සිදු වෙනවා
අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල
රජයට වැක්සීනය ගෙන්වීමට මුදල් නැතැයි කියමින් විපක්ෂය චෝදනා කළ බවත් අද ලෝකයේ පළවෙනි රටවල් හතර පහ අතරට ශ්‍රී ලංකාව පැමිණි ඇති බවත් මුළු ජනගහණයෙන් 72%ක්
ඒන්නත්කරණය කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යවරයා කිය.
රජයක් ලෙස බහුතර ජනතාවගේ යහපත වෙනුවෙන් යම් යම් නීති රීති ගෙන ඒමට ඉදිරියේදී සිදු වනු ඇති බවද කී සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.
අද වන විට මෙම රෝගය පාලනය කර ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා පන්දහසක් පමණ දෙනා ගෙනැවිත් උද්ඝෝෂණ පැවැත්වීම සුදුසු නොවන බවද කීය
දුප්පත් ජනතාව ගැන සිතූ අයවැයක් - පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ
මෙවර අයවැය දුප්පත් ජනතා ගැන සිතා කළ අයවැයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය. කොවිඩ් වසංගතය හේතුවෙන් කඩා වැටුණු චිත්‍රපට කර්මාන්තය නගා
සිටුවීම සඳහා විශාල මුදලක් වෙන් කර ඇති බවත් කොවිඩ් වසංගතය මධ්‍යයේ වුවද මෙවැනි කළමණාකරණය කර ගත්අය වැයක් ඉදිරිපත් කිරීම පැසසිය යුතු බව ඇය සඳහන් කළාය.
නව ආර්ථික විශ්ලේෂණයක් සහිත අයවැයක්
අමාත්‍ය සී.බී රත්නායක
විශාල ආර්ථික අර්බුදයකට රට මුහුණ දී සිටින අවස්ථාවක ගම හදා රට හදමු යන සංකල්පය යටතේ මෙම අය වැය ඉදිරිපත් කර ඇති බවත් නව ආර්ථික විශ්ලේෂණයක් සමග මෙම අයවැය
ඉදිරිපත් කර ඇති බවත් ගමේ ආර්ථිකය උඩට ගෙන ඒන අයවැයක් බවද කීය.
ප්‍රායෝගික අයවැයක්
නිමල් සිරිපාල
මෙවර අය වැය ප්‍රායෝගික අයවැයක් බව අමාත්‍ය නිමල් සිරිපාල මහතා පවසයි.
සාමාන්‍ය පඩි වැඩි කිරීම් නොතිබුණද කොවිඩ් වසංගතය හේතුවෙන් අපහසුතාවයට පත් ත්‍රීරෝද රථ හිමියන් වැනි පිරිස පිළිබඳ අවධානය යොමු කර ඇති බවත් බදු වැඩි කර ඇත්තේද මිලියන
2000ට වඩා ලාබ ලැබූ ආයතන වලට බවද කීය
ක්ෂේත්‍ර රැසකට විශාල මුදලක් වෙන්වූ අයවැයක්- රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත
අධ්‍යාපන / කෘෂි කර්මාන්තය ඇතුලු ක්ෂේත්‍ර රැසක් සදහා විශාල මුදලක් වෙන්වූයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බවයි පියල් නිශාන්ත මහතා කියා සිටියේ.
ජනතාවට බරක් නොදී මෙවැනි අය වැයක් ඉදිරිපත් කිරීම ඉතාම සාධාරණයි
රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක
ජනතාවට බරක් නොදී මෙවැනි අය වැයක් ඉදිරිපත් කිරීම ඉතාම සාධාරණ බවත් ජනතාවට විශාල බරක් හෝ විශාල සහණ නොදුන් සාම්ප්‍රදායෙන් පිට පැන්න අයවැයක් බවද කිය