ආපදා තත්වය පහව යාමක් දක්නට ලැබෙන නමුත් ආපදා සහන ලබා දීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බවත් එම මධ්‍යස්ථානය දැනුම් දෙයි.මේ වන විට දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 150ක පවුල් 65580කට අයත් පුද්ගලයන් 230185ක් පමණ ආපදාවට ලක් ව තිබේ.මියයාම් 26ක් සහ තුවාල ලැබීම් 07ක් වාර්තා වී ඇති අතර පවුල් 3693කට අයත් පුද්ගලයන් 12349ක් සුරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටී.එම සුරක්ෂිත මධ්‍යස්ථාන නුවරඑළිය , කළුතර, බදුල්ල , ගාල්ල, මන්නාරම ,ගම්පහ, යාපනය, පුත්තලම , කෑගල්ල , සහ කොළඹ දිස්ත්‍රික්කවල ස්ථාපිත කර තිබේ.
මේ වන විට ගංවතුර අවදානම් නිවේදන නිකුත් කර නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.සහනසේවා කණ්ඩායම් තවදුරටත් දිස්ත්‍රික්ක කිහිපයක රැඳී සිටින අතර ගම්පහ දිස්ත්‍රික්කයේ කොටදෙනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා නාවික හමුදා කණ්ඩායමක් සහ යුද හමුදා කණ්ඩායම් තුනක් , සහ වීරවිල ගුවන් හමුදා කඳවුරේ දැනට පවතින ආපදා තත්වයට සහය දැක්වීම සඳහා ගුවන් හමුදා එම්.අයි 17 හෙලි යානයක් ස්ථානගත කර ඇති බව ආපදා කළමනාකරණ ඒකකය වැඩිදුරටත් පැවසීය.
කෑගල්ල , මහනුවර සහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට පනවා තිබූ නාය යාම් රතු නිවේදන ඉවත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.