මුදල් අමාත්‍යවරයා ඊයේ (12) පාර්ලිමේන්තුවේ දී සිය අය වැය කතාව සමාප්ත කරමින් මේ බව පැවසීය
මෙවර අයවැය ඉදිරිපත් කිරීමේදී මහජනතාවට ඉතාමත් අවම වශයෙන් බලපෑම් සිදුවන අයවැය යෝජනාවක් ඉදිරිපත් කිරීමට තමන් කටයුතු කළ බවත්, එමෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි මෙම අයවැය
යෝජනාව ඉදිරිපත් කිරීමට උත්සුක වූ බවත්, මුදල් අමාත්‍යවරයා කීය.
පවතින මොහොතේ පොදුජන හිතවාදී අයවැයක් ඉදිරිපත් කිරීමට තමන්ට අවකාශ සළසා දුන් අතිගරු ජනාධිපතිවරයාට මුදල් අමාත්‍යවරයා එහිදී සිය ස්තුතිය පුද කළ අතර “මෙහිදී මම ජනාධිපතිවරයාට මෙන්ම අපේ
පරමාදර්ශී නායක ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත් ස්තුති කරනවා. ඔබතුමාගෙන් ලැබුනු සියලු ගුරුහරුකම් බොහොම පිං. ඒ වගේම මගේ මංගල අයවැය මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු පහසුකම් හා සහයෝගය ලබාදුන් ගරු කතානායකතුමාටත් මගේ හදපිරි ස්තුතිය පුදකරනවා.” යනුවෙන් පැවසීය.
“ඒ වගේම මගේ සහෝදර අමාත්‍යවරුන්ට හා රාජ්‍ය අමාත්‍යවරුන්ට, ගරු මන්ත්‍රීවරුන්ට, ඔබෙන් ලැබුනු සහයෝගය ගැන මගේ ස්තුතිය පුදකරනවා. එමෙන්ම ජනාධිපති ලේකම්තුමත්, මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා ඇතුලු මුදල් අමාත්‍යංශයේ සමස්ත කාර්ය මණ්ඩලයටත්, සියලුම ආයතන ප්‍රධානීන්ටත්, පාර්ලිමේන්තුවේ මහලේකම් ඇතුලු පාර්ලිමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලයටත්, මගේ ගෞරවනීය ස්තුතිය පුදකරනවා.”
“ඒ වගේම අයවැය යෝජනාවලට දායකත්වය දුන් පුද්ගලික අංශයේ වාණිජ මණ්ඩල මෙන්ම සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති හා වෘත්තිය සංවිධාන නියෝජිතයන්ටත් මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම ග්‍රාමීය ප්‍රජා නායකයින් ඇතුළු අයවැය යෝජනා ඉදිරිපත් කළ සියලු පුරවැසියන්ට මගේ ස්තුතිය පුද කරන අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියලු සංවිධානවලටත් සහෝදර පක්ෂ සියල්ලටත් මගේ ගෞරවනීය ස්තුතිය පුදකරනවා.” යනුවෙන්ද පැවසීය.