පරිසර අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, (11) කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැති වැඩ සටහනක දී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
පසුගිය දින දෙක තුළ මුතුරාජවෙල තෙත් අභය භූමිය සම්බන්ධව මගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා දෙකක් පාර්ලිමේන්තුවේ දී පවත්වනු ලැබුවා. ඒ සඳහා අදාල පාර්ශ්ව ගණනාවක් සහභාගි වුනා. විශේෂයෙන් මෙම සාකච්ඡා පවත්වන ලද්දේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම සැළකිල්ලට ගනිමිනුයි. හෙක්ටෙයාර් හයදහසක් පමණ මේ සඳහා පවරා ගන්නවා යැයි සමහරු කරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නැහැ. හෙක්ටෙයාර් හයදහසක් පවරා ගැනීමක් කිසිදු ආකරයකින් සිදු කරන්නේ නැහැ.
මුතුරාජවෙළ තෙත් අභය භූමිය සඳහා පවරා ගන්නේ ඊට අත්‍යවශ්‍ය ඉඩම් පමණයි . මහජනතාවගේ ඉඩම් පවරා ගැනීමක් හෝ මහජනතාව නිවාසවලින් එළියට ඇද දැමීමක් හෝ කිසිසේත්ම සිදුවන්නේ නැහැ. ජනතාවට කිසිදු හිරිහැරයක් හෝ අසාධාරණයක් වෙන්නට අපි රජය වශයෙන් ඉඩ තබන්නේ නැහැ. ඒ නිසා මේ සම්බන්ධව අවසාන තීන්දුව අපි ඉදිරි සති දෙකක කාලයක් තුළ අනිවාර්යයෙන් ප්‍රකාශයට පත් කරනවා. ඒ වගේම මුතුරාජවෙළ තෙත් අභය භූමිය මතු පරපුර වෙත දායක කිරීම සඳහා සංවේදී පාරිසරික ප්‍රදේශයක් වශයෙන් පවත්වාගෙන යාමට සියලු පියවර ගන්නවා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය