අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ පළමු වන දිනය වන අද (13) දින ආණ්ඩු පක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව කීය.
අපනයනය ගම්මාන ගොඩ නගමින් මේ රටේ දේශිය සම්පත් කෙරෙහි විශ්වාසය තබා ඇති බවත් සහනයක් ලබා දිය යුතු තැන උපරිම සහනයක් ලබා දීමට රජය මැදිහත් වී ඇතැයිද වෙළෙඳ අමාත්‍යවරයා පැවසීය.
1977 සිට මෙරටට හාල් ආනයනය කර ඇති බවත් ඇමරිකානු ඩොලර් මිලියන 600ට ආසන්න මුදලක් හාල් ආනායනය සඳහා පසුගිය වසරේ වියදම් කර ඇතැයිද කී අමාත්‍යවරයා, වත්මන් රජය දේශීය නිෂ්පාදන කෙරෙහි විශ්වාසය තැබූ බවද කීය.
ඒඅනුව මේ වන විට වෙළෙඳපළෙන් නාඩු සහල් කිලෝවක් රුපියල් 98 ට මිලදී ගත හැකැයි කී අමාත්‍යවරයා, ලබන සතියේ සිට ගොවින්ගෙන් රුපියල් හාරසිය පනහකට මිලදී ගන්නා මුං ඇට කිලෝවක් රුපියල් 225ට දිවයින පුරා සතොස හරහා ලබා දෙන බවද කීය
නිදහසින් පසු මෙරට විශාලතම වෙනස්කම් සහිත කාල සීමාව මෙය බවත් දිගින් දිගටම රට කොවිඩ් වසංගතයට මුහුණ දී ඇති බවද පැවසූ අමාත්‍යවරයා මීට පෙර කිසිම අවස්ථාවක වසංගතයක් මධ්‍යයේ අයවැය ලේඛනයක් ඉදිරිපත් කර නැති බවද කීය.අභියෝග රැසක් හමුවේ අයවැයක් ඉදිරිපත් කළ පළමු මුදල් අමාත්‍යවරය බැසිල් රාජපක්ෂ මහතා බවද වෙළෙඳ අමාත්‍යවරයා සඳහන් කළේය.
ලෝකය පුරා අසාමාන්‍ය භාණ්ඩ මිල ඉහළ යමක් ඇති බවත් , ගෑස් මිල, තෙල් මිල සෑම රටකම වැඩි වී ඇති බවද කී අමාත්‍යවරයා, කොවිඩ් වසංගතය හේතුවෙන් ලොව පුරා මෙම කාල සීමාව තුළ දුප්පත්කම තවත් වැඩි වී ඇති බවද කිය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය කොව්ඩ් මර්ධන කාර්ය සාධක බලකාය දිනපතා රැස්වෙමින් අවශ්‍ය තීන්දු තීරණ ගත් බවත් අද වන විට වයස අවුරුදු 16ට වැඩි ජනගහණයෙන් 98%කට කොවිඩ් මර්ධන එන්නත ලබා දී ඇතැයිද පෙන්වා දුන් අමාත්‍යවරයා, විශිෂ්ඨතම ලෙස කොවිඩ් මර්ධනය කළ රට ලෙස වාර්තාවක් තබා ඇතැයිද කීය.