අමාත්‍යවරයා මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කෙරෙන “අයවැය - 2022” මුදල් අමාත්‍යවරයා සමඟ කෙරෙන සාකච්ඡා මාලාවේ පළමු සාකච්ඡාවට අද (13) එක්වෙමිනි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා, “සංචාරක කර්මාන්තය රටේ ආර්ථිකයේ වැදගත් කොටසක් බව පිළිගන්නවා. සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් වන විෂයය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙනෙක් හැටියට මම දන්නවා මේ අයට දෙන්න අවශ්‍ය සියලු සහන ලබා දීලා තියෙනවා කියලා. 2009 දි මහින්ද රාජපක්ෂ මහතා යුද ජයග්‍රහණය කිරීමෙන් පසුව රටේ සාමය උදාකිරීමෙන් සංචාරක ව්‍යාපාරය නඟා සිටුවීමට එම කාරණය ඉවහල් වූවා සේම පවතින කොවිඩ් තත්වය සමනය කිරීමෙන් පසුව නැවත මේ රට සෞඛ්‍ය සම්පන්න මෙන්ම බියකින් තොරව මේ රටට එන්න පුලුවන් රටක් ඇති කිරීම තමයි දැන් සහනය ලෙස ලබාදිය හැකි එකම දේ වන්නේ.”
“මේ සංචාරක ව්‍යාපාරය නඟා සිටුවන්න අවශ්‍ය නම් කළයුතු එකම දේ තමයි ඉක්මනින්ම සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කිරීමයි. ඒ සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමයි.” යනුවෙන් පැවසීය.