රටක අයවැයක් යනු ආර්ථිකයත් දේශපාලනයත් එකට ගැට ගැසුණු මැදිහත් වීමක් විය යුතු බව පෙන්වා දුන් මන්ත්‍රී චරිත හේරත් මහතා, මෙවර අයවැය මේ රටේ දේශපාලන අභියෝග සමග ගැට ගැසුණු ආර්ථිකමය මැදිහත් වීමක් බව පැවසීය.
මෙරට ආර්ථිකය අර්බුද රැසක් සමඟ ගැට ගැසී තිබූ බවත් එය කොවිඩ් වසංගතයත් සමඟ තව දුරටත් වර්ධනය වූ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, විදේශ මූල්‍යකරණය සම්බන්ධව සෑම රටකටම විශාල බලපෑමක් සිදුව ඇතැයි පෙන්වා දුන්නේය.
විදේශ මුදල් ලැබෙන මාවත් සියල්ල කළමණාකරණය කළ නොහැකි මට්ටමට පත්ව ඇති බව රජය පිළිගන්නා බවත් මුදල් අමාත්‍යවරයා ඒ පිළිබඳව අඳහස් දක්වමින් මෙම තත්ත්වය ගලපාලමින් මෙවර අයවැය ඉදිරිපත් කර ඇතැයිද කීවේය.