අමාත්‍යවරයා මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කෙරෙන “අයවැය - 2022” මුදල් අමාත්‍යවරයා සමඟ කෙරෙන සාකච්ඡා මාලාවේ පළමු සාකච්ඡාවට අද(13) එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, මේ වන විට විදෙස් සංචිත අඩුවී ඇති නමුත් ණය වාරික ගෙවීම සම්බන්ධයෙන් කටයුතු කරගෙන යන බවත්, මෙම සංචිත පවා අප විසින් උපයාගත් ඒවා නොව විදේශ රටවලින් ණය ලබාගෙන ඇතිකරගත් ඒවා බවත්, 2027දී අප විසින් උපයාගත් විදේශ මුදල් උපයෝගී කොටගෙන ස්ථාවර විදේශ සංචිතයක් පවත්වා ගැනීමට තමන් කටයුතු කරන බවත් ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “අපි උපයන විදේශ විනිමය ප්‍රමාණය අපි වැය කරන විදේශ විනිමය ප්‍රමාණයට වඩා අඩුයි මේ රටට අවශ්‍ය ඉන්ධන වගේම අමුද්‍රව්‍ය ඒ වගේම බෙහෙත් හේත් කෑම බීම සඳහා අපට ලැබෙන විදේශ ප්‍රේෂණ අපට දැනට තිබෙන ප්‍රමාණයට වඩා වැඩියෙන් අවශ්‍ය වෙනවා. අපි විදේශ මුදල් හොයන ක්‍රම කිහිපයක් තිබෙනවා. අපේ ජනතාව විදේශවලට ගොස් එවන මුදල් එහි ප්‍රධානතම ක්‍රමයක්. බොහෝ විට ලෝකයේ සෑම රටක්ම පාහේ එක්කෝ වෙනත් විදේශ රටවල් සඳහා සේවය සැපයීම සිදු කරනවා නැත්නම් වෙනත් රටකින් එම සේවාවන් ලබා ගන්නවා. එය හංගන්න දෙයක් නෑ. ලෝකය තුළ සිදුවන්නක්.”
“දෙවැන්න සංචාරක ව්‍යාපාරයයි. මෙයටත් මුලු ලෝකයම අයිති වෙනවා. එක්කෝ සංචාරය සඳහා පිරිස් යනවා නැත්නම් සංචාරකයන් ගෙන්වා ගන්නවා. එසේත් නැත්නම් මේ දෙකම සිදුවෙනවා.”
“අනෙක් විදේශ ප්‍රේෂණ ලැබීමේ ක්‍රමය අපනයන හා ප්‍රති අපනයනයයි. ඒ සමඟ ආනයනය කියන කරුණත් බැඳී තිබෙනවා. අපි ආනයනය කරන විට අප රටේ විදේශ සංචිත ගෙවීම් සඳහා වැයවෙනවා. මෑතක සිට අපේ වෙළඳ ශේෂය අපට අවාසිදායක තත්වයකයි තිබුනේ. එනම් ගෙවුම් ශේෂය ඉහළ අගයක් ගන්නවා. ”
“ඒ ලෙසම විදේශ ණය සහ ආධාර මෙරටට ලැබෙනවා. ඒ වගේම ණය නොවන විදේශ ලැබීම් ලෙස ආයෝජන උපයෝගි කොටගෙන අපට ලැබෙනවා. “කොවිඩි වසංගතයක් සමඟ සමහර විදේශ ප්‍රේෂණ මාර්ග කඩාවැටුනා. වාර්ෂිකව බිලියන 4.5කට අධිකව ලැබුණු සංචාරක කර්මාන්තය සම්පුර්ණයෙන්ම නතර වුණා. ඒ වගේම විදේශ රැකියාවලින් එන ආදායමත් මේ වසර වන විට නතර වී තිබෙනවා. එම ලැබීම් නිසා තමයි ගිය වසරේ මෙරටට බේරී සිටීමට හැකිවුනේ. ” “මෙයට විවිධ විසඳුම් සෙවීමට අප උත්සාහ කරනවා. එහෙත් තවමත් අප බලාපොරොත්තු වන තරම් මුදල් ලැබෙන්නේ නෑ. ” “ඉහත සඳහන් කළ ආධාර හා ණය ලබා දෙන රටවල් පවා ඔවුන්ගේ අර්බුද විසඳාගැනීමට යුහුසුලුව තිබෙනවා. මේ හේතුවෙන් ඔවුන්ගෙන් වෙනදා තරම් පහසුවෙන් ණය ගන්නත් බෑ. ඒ වගේම ආධාර ලැබෙන්නතේ නෑ. එමෙන්ම ආයෝජකයනුත් මෙරටෙහි ආයෝජන කරන්න පෙළඹීම අඩු වී තිබෙනවා. ”
”මේ අර්බුදය තුළ වසර ගණනක් තිස්සේ මෙරට පැවති අර්බුදය මේ වසර දෙකෙහි උග්‍ර වී තිබෙනවා. එයට අපි යම් යම් පිළියම් යෙදුවා. එහෙත් ඒවායිනුත් සිතූ තරම් සාර්ථක ප්‍රතිඵල ලැබුනේ නෑ. ඊළඟ වසර තුළත් මෙම ගැටලුව පවතීවි. එහෙත් අපි බලාපොරොත්තු වන්නේ ණය නොගෙන මෙය විසඳගන්නයි. ” යනුවෙන් පැවසීය.