අයවැය තුළින් සිය ගැටලුව විසදා දීම සම්බන්ධයෙන් සතුට පළකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
පූජ්‍ය උලපනේ සුමංගල හිමි
කැඳවුම්කරු ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුව
කැබිනට් අනු කමිටු වාර්තාව පිළිගෙන ගුරු වැටුප් විෂමතාවය විසඳීමට අයවැයෙන් මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් රජයට ස්තුතිවන්ත වන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමි ප්‍රකාශ කළහ.
වසන්තා හඳපාන්ගොඩ-සභාපති - ශ්‍රි ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය
මිලියන 1000ක් වුවත් මෙම ගුරු වැටුප් විෂමතාව ඉවත් කිරීම සදහා ලබා දෙන බව බැසිල් රාජපක්ෂ මහතා පැවසූ බවත් එම විෂ්වාසය මුදල් අමාත්‍යවරයා තහවුරු කර ඇති බව වසන්තා හඳපාන්ගොඩ මහත්මිය පැවසුවාය.