සමඟි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය විසින් අද (15) පාර්ලිමේන්තුවේ දී ගුරු උපදේශකවරුන් මුහුණපාන ගැටළු පිළිබඳව යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
ගුරු උපදේශක සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවත් විෂය මාලා සංවර්ධනය කිරීමේ දී ඒවා ගුරුවරු අතරට ගෙන යාමට ගුරු උපදේශකවරු අවශ්‍ය බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ගුරු උපදේශකවරුන්ගේ ගැටළුව සම්බන්ධයෙන් සොයාබැලීමට විෂයභාර ලේඛම්වරයාට උපදෙස් ලබා දුන් බවත් මේ සම්බන්ධව හෙට දින සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.