විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ දෙවන දිනය වන අද (15) විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
පළමු වසරේ ප්‍රාථමික ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා මුදල් වෙන් කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මිලියන ගණනාවක් පළාත් සභා හරහා අධ්‍යාපනයට වෙන් කරමින් අනාගත දරුවන්ට විශාල ආයෝජනයක් මේ තුළින් තැන්පත් කර ඇතැයිද කීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි දැනුමෙන් සමන්විත අළුත් පරම්පරාවකට රට හැරවීමට අවශ්‍ය සියළු ආයෝජනයන් මෙවර අයවැයෙන් වෙන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය. විශේෂයෙන්ම පාසල් ශිෂ්‍යයන් ප්‍රවාහනය කරන වෑන් රථ සහ කුඩා බස්රථ රියදුරන්ට වෙනම මුදල් වෙන් කර ඇති බවත් සෞඛ්‍යාරක්ෂිතව ඒම ප්‍රවාහනසේවා පවත්වා ගැනීමට මෙම මුදල් වෙන් කර ඇතැයිද කීය.
කුඩා දරුවන්ගේ සිට වැඩිහිටි ජනගහණය ඇතුළු රැක බලා ගත යුතු සියළු දෙනා කෙරෙහි මෙවර අයවැයෙන් අවධානය යොමු කරමින් අය වැය සකස් කර තිබේ. සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම ක්ෂේත්‍ර සඳහා කිසිම මුදලක් අඩු කර නැත.
මෙවර ආර්ථිකය අපනයනය පදනම් කරගෙන ඇති බවත් මුදල් අමාත්‍යවරයා අපේ රටට හිස ඒසවිය හැකි මාර්ගය මෙවර අයවැයෙන් පෙන්නුම් කර අතැයිද දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව පුරා ඇති ග්‍රාමසේවා වසම් 14,000ටම ඒකම ප්‍රමාණයෙන් මුදල් වෙන් කරමින් පේදුරතුඩුවේ සිට දෙවුන්දර තුඩුවටම සෑම ප්‍රාදේශීයකටම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සංවර්ධනය සඳහා ඒකම ප්‍රමාණයෙන් මුදල් වෙන් කළ අයවැයක් බවද කීය.
මුදල් අමාත්‍යවරයා උට්ඨාන වීර්යයෙන් යුතුව උට්ඨාන අයවැයක් මෙවර ලබා දී ඇති බවත් දැවැන්ත උත්සාහයකින් යුතුව අපේ රටට හිස එසවිය හැකි මාර්ගය මෙවර අයවැයෙන් පෙන්වා දී ඇති බවත් අමාත්‍යවරයා කීය.
දශක දෙක තුනක් තිස්සේ ඇදී යන නාස්තිකාර වියදම් නිවැරදි කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මෙවර අයවැයෙන් පෙන්වා දී ඇති බව අමාත්‍යවරයා කීය.