විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙය ලොස්න්ජර් අයවැයක් නොව දේශීය කර්මාන්ත දියුණු කරමින් ඉදිරියට යන රටක් නිර්මාණය කිරීමේ අරමුණිණ් ඉදිරිපත් කර ඇති අයවැයක් බවද අමාත්‍යවරයා පැවසීය.
ගම හදා රට හැදීමේ වගකීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා භාරගත් බවද ග්‍රාමසේවා වසම්14022ට රුපියල් ලක්ෂ 30ක මුදල් ප්‍රතිපාදන යොමු කළේ, කිසිදු දේශපාලන අරමුණකින් නොව ගම ගොඩනැගීමට බවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය.
ගම සංවර්ධනය කර ගමේ පාරවල් සංවර්ධනය කරන්න පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අවස්ථාව ලැබී ඇතැයි ද අමාත්‍යවරයා කීය. සෑම ග්‍රාම සේවා වසමකට නිවාස 05 බැගින් ඉදිකිරීමට මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබෙන බවත් ග්‍රාමීය මට්ටමින් සංවර්ධන කාර්ය ඉටු කිරීමට කටයුතු කර ඇති බවත් ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් සපයා ඇතැයිද කීය.
විදේශ සංචිත කළමනාකරණය, අපනයන හැකියාව, විදේශ සෘජු ආයෝජන ඉදිරිපත් කිරීම,ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව මෙවර අයවැයෙන් යෝජනා ඉදිරිපත් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.