වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
යහපාලන ආණ්ඩුව කඩවත සිට මීරිගම දක්වා මාර්ග කොටස ඉදිකිරීම අවුරුදු පහක් තිස්සේ පටන් නොගත් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එහෙත් මෙම රජය සම්පූර්ණ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවුරුදු දෙකක් ඇතුළත නිම කරන බවද සඳහන් කළේය.
යහපාලන ආණ්ඩුව මෙම අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් කොන්ත්‍රාත් ලබා දුන් පිළිවෙල ගැන තමා රටට හෙළි කිරීමට සූදානම් බවත් ඒ සඳහා විවාදයක් ලබා දෙන්නැයි ඉල්ලා සිටින බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. මෙම අධිවේගී මාර්ගයට මුල්ගල තැබුවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බව පැවසූ ඇමැතිවරයා, මාර්ගයට අදාළව වංචා දූෂණ කළ අය අද සිටිය යුත්තේ හිරගෙවල්වල බවත් ප්‍රකාශ කළේය.