අයවැය 2022 දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරිය මෙසේ පැවසීය
ලෝකයේ සෑම රාජ්‍යයක්ම මෙම වසරේ තම අයවැය සකස් කරනුයේ කොවිඩ් වසංගතය හේතුවෙන් බිඳවැටුණු සමාජ, ආර්ථික,අධ්‍යාපනික තත්ත්වය නැවත ගොඩනැගීමට මිස සහන පැකේජ ලබා දීමට නොවන බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.
මෙවර අයවැය මඟින් පසුකොවිඩ් ආර්ථිකය ගොඩ නැංවීමට පියවර රාශියක් යෝජනා කර තිබේ. යටිතළ ආර්ථිකය ගොඩ නැගීම සදහාද මෙවර අයවැයෙන් පියවර රැසක් ගෙන තිබේ. නිදහසින් පසු අධ්‍යාපනය සඳහා වැඩිම මුදලක් අධ්‍යාපනය සඳහා වෙන් කර තිබේ. බහුතර ජනයාට සහන ලබා දීම කරුණු හේතුවෙන් මෙවර අයවැය ජනතාවාදී අයවැයක් බව ඇය පෙන්වා දුන්නාය.
රජයට කොවිඩ් මර්නදය සඳහා පමණක් රාජ්‍ය ආදායමෙන් රුපියල් බිලියන 117ක් පසුගිය වර්ෂයේ වියදම් කිරීමට සිදු වී තිබේ.රජය කොවිඩ් මර්ධන එන්නත් ගෙන්වීමට 2021 ඔක්තොම්බර් 31 වන විට රුපියල් බිලියන 66.4ක් වියදම් කර ඇති බවත්, පී.සී.ආර්. කට්ටල , රැපිඩ් ඇන්ටිජන් කට්ටල සහ ඔක්සිජන් පවා විදේශ වලින් ආනයනය කිරීමට විශාල මුදලක් වැය කිරීමට සිදු වූ බව අමාත්‍යවරිය සඳහන් කළාය.
මේ වන විටත් රටේ සමස්ත ජනගහණයෙන් 65% ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇතැයි ද එය ලෝකයේ දියුණු රටවල ප්‍රගතියට සමාන බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.