ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය
මාධ්‍ය නිවේදනය
ඖෂධ මිල 300% ඉහළ ගිහිල්ලා යනුවෙන් 2021 නොවැම්බර් 14 ඉරිදා ලංකාදීප පළවෙනි පිටුවේ පළ වී ඇති අසත්‍ය වාර්තාව සම්බන්ධවයි.
බෝ නොවන රෝග සඳහා භාවිතා කරනු ලබන ඖෂධ වර්ගවල මිල 100%-300% අතර ප‍්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව දක්වමින් 2021 නොවැම්බර් 14 දින ඉරිදා ලංකාදීප පුවත්පතේ පළවෙනි පිටුවේ පළව ඇති වාර්තාව මුළුමනින්ම අසත්‍ය වේ.
බෝ නොවන රෝග සඳහා යොදා ගන්නා ප්‍රධාන ඖෂධ 50 ක පමණ මිල පාලනයට යටත් කර ඇති අතර ඒවායේ මිල පහුගිය අගෝස්තු මාසයේදී සියයට නමයකින් පමණක් ඉහළ දැමීමට අනුමැතිය ලැබිණි. ඒ ඩොලරයේ අගය ඉහළ යෑම සමගය. එය 300% ලෙස හුවා දැක්වීම මුළුමනින්ම අසත්‍ය සහ ද්වේශ සහගත ක්‍රියාවකි.
සරත් විජේකෝන්
මාධ්‍ය සම්බන්ධීකාරක,
ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය
මාධ්‍ය ඒකකය.