විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
විශ්‍රාමිකයන්, කාන්තාවන් , පරිසරය සහ වන අලි ප්‍රශ්න, වාරිමාර්ග, කෘෂිකර්ම යන සෑම අංශයක්ම ප්‍රවර්ධනයට මෙම අයවැයෙන් මුදල් වෙන් කර ඇතැයිද කීය.
අද වන විට ලෝක ආර්ථිකය මෙන්ම රටේ ආර්ථිකයද විශාල අර්බුදයකට ලක් වී ඇති බවත් බැංකු පද්ධතිය කඩා වැටීම , ව්‍යවසායකයන්ගේ පැමිණීම අඩුවීම , පාස්කු ප්‍රහාරය හේතුවෙන් සංචාරක ව්‍යාපාරය කඩා වැටීම වැනි හේතු නිසා මෙම තත්වය ඇති වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.රට සහ ආර්ථිකය ව්‍යාකූල තත්වයකට පත්ව ඇති මොහොතක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රට භාර ගත්බවත් මාස 06ක් යන්නට මත්තෙන් මෙම කොව්ඩ් වසංගතයට මුහුණ දීමට සිදු වූ බවද සඳහන් කළේය. කොවිඩ් වසංගතය හේතුවෙන් මුළු ලෝකයේම ආර්ථිකය කඩා වැටුණු බවත් සංචාරක ව්‍යාපාරය සහ විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් ලැබෙන ආදායම අඩු වූ බවත් මාස ගණනාවක් වරින් වර රට වසා දැමීමට සිදු වූ බව සහ අපනයනය ආර්ථිකය කඩා වැටුණු මොහොතක මෙම අයවැය ඉදිරිපත් කිරීමට සිදු වූ බවද ඉඩම් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.