විසර්ජන කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ප්‍රභාකරන්ලාගේ, සහරාන්ලාගේ සහ මහ බැංකු බැඳුම්කර හොරුන්ගේ අවතාර මෙම උද්ඝෝෂණ සඳහා එනු ඇති බවද අමාත්‍යවරයා කීය.
රාජ්‍ය සේවකයින්ගේ ඵලදායිතාව සම්බන්ධයෙන් විශාල කතිකාවතක් අද සමාජයේ ගොඩ නැගී ඇති බව අමාත්‍යවරයා කීය.අද රාජ්‍ය ආදායම වැඩිපුර වැය කිරීමට සිදුව ඇත්තේ රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාම වැටුප් වෙනුවට බවත් , ලක්ෂ 20ක් පමණ වූ රාජ්‍ය සේවයින් සඳහා බවත් කීය. ලක්ෂ 20ක් පමණ වූ රාජ්‍ය සේවකයින් මේ රට ගොඩ නැගීම සඳහා දායක වීම තවදුරටත් සක්‍රිය කිරීමට සිදුව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
දීර්ග කාලයක් ගොඩ නැගුණු ආර්ථික ගැටළු සහ වසංගතය හමුවේ අභියෝග රැසක් සමග මෙවර ජාතික අයවැය ලේඛනය සකස් කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ගොවි ජනතාව , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ විවිධ වෘත්තීන් වල යෙදෙන පුද්ගලයන් බල ගැන්වීමට මෙවර අය වැය ඉදිරිපත් කර තිබේ. සාම්ප්‍රදායික අයවැයක් වෙනුවට පුළුල් දැක්මකින් යුතුව මෙවර අයවැය ඉදිරිපත් කර ඇතැයිද කීය
මෙම අයවැය දේශිය වෙද කම ආයුර්වේදය සඳහා ඉදිරිපත් වීම සම්බන්ධනේ ස්තුතිවන්ත වන බවත් සියළු පිරිස් ඒකරාශී වෙමින් අයවැය යෝජනා සාර්ථක කර ගැනිමට උත්සාහ ගන්නා ලෙසද ඉල්ලා සිටියේය.