අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ඊයේ (15) මාධ්‍යයට අදහස් දක්වමිනි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා;
මොල්නුපිරවීර් තමයි පළවෙනි වතාවට කරලක් හැටියට මුඛ මාර්ගයෙන් ලබාගන්න පුළුවන් බටහිර ඖෂධය හැටියට හදුන්වා දුන්නේ. මේ සම්බන්ධයෙන් මම ඔක්තෝම්බර් 11 වනදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියකින් ඉල්ලීමක් කළා මෙම ඖෂධය ශ්‍රී ලංකාව තුළ භාවිතයට ගන්න අවශ්‍යද, එය ලබාදිය යුත්තේ කුමන කණ්ඩායම් වලටද කියන දෙය පිළිබදව කොවිඩ් 19 රෝගය පිළිබදව ශ්‍රී ලංකාවේ තාක්ෂණික කමිටුවේ නිර්දේශයක් ලබාදෙන ලෙස. එම නිර්දේශය මේ වන විට ලැබිලා තියෙනවා. ඒ අනූව කොවිඩ් 19 රෝගය පිළිබදව ශ්‍රී ලංකාවේ තාක්ෂණික කමිටුව නිර්දේශ කරලා තියෙනවා මොල්නුපිරවීර් ඖෂධය ශ්‍රී ලංකාව තුළ භාවිතයට සුදුසුයි කියලා.
දැනට ලැබී ඇති නිර්දේශ අනූව කොවිඩ් 19 රෝගයේ සුළු සහ මධ්‍යම ප්‍රමාණයේ රෝග ලක්ෂණ පෙන්වන කණ්ඩායමට මෙම කරල ලබාදීම සුදුසු බව තීරණය කර ඇතැයිද, 800mg බැගින් වන කරල් දිනකට දෙවරක් දවස් 05ක් භාවිතා කළ යුතු යැයි එම ඖෂධය පිළිබද පර්යේෂණ සිදුකළ පර්යේෂණ කණ්ඩායම පෙන්වාදෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.