අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
මෑතකදී ඇතිවූ සමුද්‍ර නීතිය සම්බන්ධයෙන් නෛතික විධිවිධාන හඳුනාගැනීම පිණිස කමිටුවක් පත්කිරීමට අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවූ බව සදහන් කළ අමාත්‍යවරයා,එයට පාදක වූ ප්‍රධාන කරුණු වූයේ එම්. පී .නිවු ඩයමන්ඩ් නෞකාව සහ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේදී අනතුරට ලක්වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ සමුද්‍ර ආරක්ෂණය සහ සමුද්‍ර දූෂණය පිළිබද විශාල කතිකාවතක් මතුවීම බවයි.
එහිදී ශ්‍රී ලංකාවේ මුහුදු තීරය එහි වන සත්ත්ව ගහණය ඇතුළු අනෙකුත් ස්වභාවික සම්පත් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සතු නීති පද්ධතිය ප්‍රමාණවත් නොවන බව පෙනීගොස් ඇති බවද, එම නිසා රජය ඒ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවකින් කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
අනාගතවාදීව එවැනි අනතුරක් සිදුවීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ආරක්ෂාව වෙනුවෙන් මෙන්ම සමුද්‍ර ආරක්ෂණය වෙනුවෙන් සිදුකළ යුතු කටයුතු, නීති රීති අනපනත් පැනවීම පිළිබදව අවදානය යොමු කිරීමට විශේෂ කමිටුවක් පත්කිරීම සදහා අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා තීරණය කර ඇතැයි ද, එවැනි කමිටුවක් මීට පෙර අවස්ථාවක දී පී ඒ රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති අතර, එම කමිටුවේ තීන්දු දැනට ක්‍රියාත්මක නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
එමෙන්ම අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සදහන් කළේ, අදාළ කමිටුවෙන් ඉදිරිපත් කළ යෝජනා ද සැළකිල්ලට ගනිමින් නව කමිටුවේ යෝජනා ද ඉදිරිපත් කිරීමෙන් පසුව සමුද්‍ර ආරක්ෂණය සම්බන්ධයෙන් නව නීති පද්ධතියක් මෙරටට හදුන්වාදීමට රජය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.