එහිදී යුත්කි සහගත කෝණ වලින් බලා සම්මාන ලබාදෙන බවද අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
රජයේ ඉහළම සම්මානය වශයෙන් මාධ්‍යවේදීන් වෙත සම්මාන පිරිනමන අතර සිංහල, දමිළ සහ ඉංග්‍රීසි මාධ්‍යවලින් කටයුතු කරන මාධ්‍යවේදීන් ට, පාසල් ක්ෂේත්‍රයේ මාධ්‍යයට ඇතුළු වීම සදහා මාධ්‍ය කව සමග කටයුතු කරන සිසුන්ට මෙන්ම විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ජන සන්නිවේදනය සහ මාධ්‍ය කලාව පිළිබද අධ්‍යයනය කරන අනාගතයේ දී මාධ්‍ය වෘත්තියට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින සියලු දෙනාටම යම් යම් අයුරින් මෙයට ප්‍රවේශ වීමට හැකි වන පරිදි සම්මාන උළෙල සැලසුම් කරන බවද අමාත්‍යවරයා සිහිපත් කළේය.
කර්තෘ මණ්ඩල සංසදය, විද්‍යුත් ප්‍රකාශකයින්ගේ සංගමය, ජනමාධය අමාත්‍යංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස දියත් කරන මෙය ඉතාම සාධාරණ ලෙස පැවැත්වීමටත් භාෂා මාධ්‍ය 03න්ම සම්මාන ලබාදීමටත් බලාපොරොත්තු වන බව ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
වෘත්තීය සගයන් වශයෙන් ඉතාම හොඳ වැදගත් බලාපොරොත්තු සහගත පුවතක් ලෙස මෙය පිළිගන්නා ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටි අමාත්‍යවරයා, වෘත්තීය මාධ්‍යවේදියා සහ මාධ්‍යවේදී වෘත්තියට යොමුවීමට බලාපොරොත්තුවෙන් සිටින ශිෂ්‍යයා රාජ්‍යයේ ඉහළම ඇගයීමට ලක්කරන මෙම ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල නිවැරදිව , සාධාරණ ලෙස සහ විචිත්‍රවත්ව ඉටුකරගැනීමට එක්වන ලෙස මෙරට මාධ්‍ය ආයතතන වලින් සහ මාධ්‍යවේදී මිතුරු මිතුරියන්ගෙන් ඉල්ලා සිටින බවද සදහන් කළේය.