මෙවර අයවැය යම් රාමුවකට සකස් වී ඇති බවත් එහි ප්‍රතිඵල දැකීමට තව කලක් ගත වනු ඇති බවත් ඒ ඔස්සේ සුභවාදී ආර්ථිකයක් ළඟා කර ගත හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
" තරුණ තරුණියන් ස්වේච්ඡාවෙන් පැමිණ චිත්‍ර ඇන්දා. මේ රටේ සිස්ටම්ක එක හදාගන්නයි තරුණ තරුණියන් බලාපොරොත්තු වුණේ. ඔවුන් ඒ වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු රජය බලයට පත් කළා."යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
මෙවර අයවැය තුළින් සේවා ආර්ථිකයක්, නිෂ්පාදන , කෘෂිකාර්මික දේශීය ආර්ථිකයක් ගැන සඳහන් වී ඇති බවත් නව ලෝකය සමග සම්බන්ධ විය හැකි ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන බවද කීය.
අද ලෝකයේ බොහොමයක් රටවල් තිරසාර සංවර්ධනය පිළිබඳ කතිකාවතට එළඹ ඇති බවත්,කාබන් විමෝචනය සම්බන්ධයෙන් කතා කරන බවත් පෙන්වා දුන් දුමින්ද දිසානායක අමාතයවරයා, 70%ක් පුනර්ජනනිය බලශක්තියෙන් විදුලිය නිෂ්පාදනය පිළිබඳව අරමුණට රජය පැමිණ ඇති බවත් පෙන්වා දුන්නේය.
රුපියල් 15ට අඩුවෙන් විදුලි ඒකකයක් නිපදවා ගැනීමේ හැකියාව ඇති බවත් මේ ඔස්සේ කටයුතු කළහොත් ඉදිරියේදී අඩු මිළට විදුලිය ලබා දිය හැකි බවද කීය. වැටුණු තැනින් රට ගොඩ ගැනීමට පක්ෂ භේදයකින් තොරව එක්වන්නැයි ද රාජ්‍ය අමාත්‍යවරය ඉල්ලා සිටියේය