අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.
මෙම දිනවල පවතින ඉතා අයහපත් කාළගුණය හේතුවෙන් අස්වනු හානි වීමක් සිදුව ඇතැයි ද, එළවළු නිෂ්පාදනයට ඒ හා සම්බන්ධව වෙනත් කරුණු කාරණා බලපාන්නේ නම් එම ගැටලු වලට විසදුම් ලබාදීමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
මෙම කරුණු වලදී රජය නම්න්‍යශීලීව කටයුතු කරන බව සදහන් කිරීමට අවශ්‍ය යැයි කී අමාත්‍යවරයා,එළවළු ආනයනය කිරීම පිළිබදව කිසිදු බලාපොරොත්තුවක් නොමැති අතර, විශාල විදේශ විනිමය අර්බුදයක් පවතින බැවින් හැකි තරම් ආනයන සීමා කර දේශීය නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.