සෞඛ්‍ය නීතිවලට අනුගත නොවී, වගකීම් විරහිතව කටයුතු කිරීමෙන් නැවත රෝග ව්‍යාප්තිය ඇතිවුවහොත් නැවත පාසල් වසා දැමීමට කටයුතු කිරීමට සිදු වුවහොත් ඉන් අසාධාරණයට ලක් වෙන්නේ මෙරට සමස්ත දු දරුවන් බවත්, ඔවුන්ට වසර දෙකකට ආසන්න කාලයක් අධ්‍යාපන කටයුතු වල නිසි ලෙස නිරත වීමට හැකියාව නොලැබුණ අතර නැවත පාසල් වැසිමකට ලක් වුවහොත් හොත් එය ජාතික අපරාධයක් වන බවත්, එය නැවත ඇති නොවීමට සියලු දෙනා වගකීමෙන් යුතුව කටයුතු කිරීම මේ මොහොතේ කළ යුතුව ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.
වත්මන් ආණ්ඩුව ඕනෑම පුරවැසියෙකුට, ඕනෑම දේශපාලන පක්ෂයකට ඍජුව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිගන්නා ආණ්ඩුවක් බවත් ඒ සඳහා මෙරට පළමු පුරවැසියාගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ සඳහා බිම් කඩක් ද වෙන් කොට දී තිබෙන එකම ආණ්ඩුව බවත්, ඒ අනුව, පසුගිය වසර දෙක තුල දී පැවතී එකඳු උද්ඝෝෂණයකටවත් කඳුළු ගෑස්, ජල හෝ බැටන් ප්‍රහාර එල්ල කිරීමට තීන්දු නොකළ එකම ආණ්ඩුව වර්තමාන ආණ්ඩුව බවත් හෙතෙම කියා සිටින ලදුව, සමඟි ජනබල පෙරමුණේ උද්ඝෝෂණ ව්‍යාපාරය සම්බන්ධව ඇත්තේ ඔවුන්ගේ උද්ඝෝෂණය ව්‍යාපාරය කඩාකප්පල් කිරීම ගැටලුවක් නොව වර්තමානයේ රට මුහුණ දී ඇති කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එය වළක්වාලීම උදෙසා සෞඛ්‍ය අංශ විසින් දිගින් දිගටම පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගතව කටයුතු කිරීමේ ආරක්ෂක ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම බවත් ඒ මහතා මෙහි දී කියා සිටියේය.
මෙම අවස්ථාවේ මහා පරිමාණ ලෙස ජනතාව ඒකරාශි වීම සෞඛ්‍ය නීති උල්ලංඝණය කිරීමක් බවත්, එය බරපතල ලෙස නැවත වසංගත තත්ත්ය්ව ව්‍යාප්ත වීමට හේතුවක් වනු ඇති බවත් ය යන්න සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, අතිරේක සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ඇතුළු වෛද්‍ය වෘත්තියක් සියලු දෙනා විසින් සහතික කර සිටින අතරම ඒ හැර කිසිඳු විටෙක ආණ්ඩුව මැදිහත් වී උද්ඝෝෂණය නතර කඩාකප්පල් කිරීමට කටයුතු නොකරන බවත් ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේය.
ඒ අනුව, දරුවන්ගේ අධ්‍යාපනය ගැන සිතා ,මේ මොහොතේ වගකීම් සහගත ලෙස හැසිරීමට කටයුතු කරමු යන්න තමන් සහෝදර විපක්ෂ සහ සහෝදර දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.