අද (16) දින අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, අද දිනය වන විට පාසල් සිසුන් මිලියනයක් එන්නත්කරණයට ලක් කර අවසන් බවයි. ඊයේ දිනය වන විට ඉදිරි පෙළ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල සේවයේ නියුතු පුද්ගලයන් 120,480ක් සඳහා බූස්ටර් එන්නත ලබා දී තිබේ.දැනට ලොව සීමිත රටවල් ප්‍රමාණයක් පමණක් මෙම බූස්ටර් එන්නත ලබා දී ඇති අතර එවන් පසුබිමක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙරට ජනතාවට බූස්ටර් එන්නත ලබාදීම ආරම්භ කිරිමට හැකිවූ බවද චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මහත් කැපවීමෙන් පාලනය කරගත් කොවිඩ් වසංගතය විපක්ෂය සිදු කරන උද්ඝෝෂණ ක්‍රියා හමුවේ යළිත් ව්‍යාප්තවේදැයි බියක් පවතින බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා, මේ මොහෙතේ මිනිසුන් පාරට ගෙන්වීම අභිමානයක් නොව ලැජ්ජාවට කරුණක් බවද සඳහන් කළේය. අගෝස්තු මස මෙරට ඇති වූ තත්ත්වය නැවතත් දෙසැම්බර් මාසයේද ඇති වීමට ඉඩ ඇතියි කී අමාත්‍යවරයා, මීට වඩා නිර්මාණශීලී ලෙස විරෝධතා සංවිධානය කළ හැකි බවද කීය. විපක්ෂය කෙතරම් චෝදනා කළද පිළිගත් වෛද්‍ය නිර්ණායක අනුව බැලූ විට ලෝකයේ මෙම රෝගය පැතිරීම අතින් බැලූ විට ශ්‍රි ලංකාව සිටින්නේ 133 වන ස්ථානයේයි. එන්නත්කරණය අතින් ගත් විට ශ්‍රී ලංකාව තවත් ඉදිරියෙන්ම සිටියි.
ග්‍රාමීය සෞඛ්‍ය වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් මිලියන 37,000ක් වෙන් කර තිබේ. ගමේ සෞඛ්‍ය ඉහළ නැංවීමට, ළමා සහ මාතෘ සායන දියුණු කිරීමට සහ දේශීය හෙළ වෙදකම නැංවීම වෙනුවෙන් මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන් කිරීම සම්බන්ධයෙන් තම ස්තුතිය පුද කරන බව ද අමාත්‍යවරයා කීය.