අද (17) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
පොළොව යට පවතින සම්පත් පිළිබඳව ගවේෂණය කරන බවත් පැවසූ අමාත්‍යවරයා,රටේ ආර්ථිකයට ශක්තියක් ලබාදෙන වැඩපිළිවෙලට දායක කරගැනීමට බලාපොරොත්තුවන බවත් මෙම සම්පත්වලින් නිසි ප්‍රයෝජනයට ගැනීමට බලාපොරොත්තුවන බව පැවසීය.
විදේශ රටවලට ඛණිජ සම්පත් නිසි අගය එකතු කිරීමකින් තොරව යැවෙන බවත් ඉදිරියේ දී සියලු ඛනිජ ද්‍රව්‍යවල අගය එකතු කර පමණක් ලබා දීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.
තවද එප්පාවල පොස්පේට් නිධිය පිළිබඳව ගවේෂණ සිදු කරන බව කී අමාත්‍යවරයා, මෙම නිධියේ වසර 100ක පොස්පේට් අඩංගු බවත් මෙයින් විදෙස් විනිමය සොයාගත හැකි බවත් කෘෂි කර්ම අමාත්‍යාංශය ඇතුළු ආයතන සමඟ සාකච්ඡා කර කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන බවද පැවසීය.