පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අවදානම් ප්‍රදේශ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අමාත්‍යවරයාගේ නිරීක්‍ෂණයට

    නොවැම්බර් 17, 2021

    පසුගියදා පැවති අධික වර්ෂාව හේතුවෙන් නාය යෑමේ අවධානමට ලක් වූ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අවදානම් සහගත තත්ත්වය පිලිබදව සොයාබැලීමට ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය ගරු දිලුම් අමුණුගම මහතා විසින් පසුගිය දා (15) එම ප්‍රදේශය නිරීක්ෂණයට ලක් කළේය.

    මේවන විටත් එම ස්ථානයේ පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ (NBRO) නිළධාරී මහත්ම, මහත්මීන් සමග ද එම ප්‍රදේශයේ වත්මන් තත්ත්වය පිලිබදව රාජ්‍ය අමාත්‍යවරයා සාකච්ජා කරන ලදී.

    මෙහි දී, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ආයතනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශය හා මාර්ග සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව සිදුකරණ පරීක්ෂණ වලට අනුව ඔවුන් විසින් පවසා ඇත්තේ පරීක්ෂණ කටයුතු සිදු කරන අතරතුර මාර්ගයේ එක් මන්තීරුවක් ජනතාවට ගමන් කිරීම සදහා විවෘත කිරීමට හැකියාවක් පවතින බවත් ඒ සඳහා අවශ්‍ය පියවර මේ වන විටත් ගනිමින් සිටින බවත් ය.

    තව ද ප්‍රදේශයේ එක් කොටසක සිදු වූ මෙම නායයාමේ අවදානමෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට කිසිඳු බලපෑමක් සිදු නොවන බවත්, එම මාර්ගයේ මෙම කඩුගන්නාව කොටස කළුගලක් මත පිහිටා තිබෙන බවත් ඔවුන් එහි දී ප්‍රකාශ කර ඇත.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya