මෙම පුද්ගලයා ඉන්දික ජයරත්න නැමැති අයෙකු බවත් පනාමුරේ පදිංචි අයෙකු බවත් මත්ද්‍රව්‍යයවලට ඇබ්බැහි වූ අයෙකු බවත් අමාත්‍යවරයා පැවසීය.
බිරිදට සහ දරුවන්ට පහර දෙන බවට පැමිණිලි ලැබී තිබෙන බවත් පැවසූ අමාත්‍යවරයා, මෙසේ ද කීය;
''මෙම තැනැත්තාගේ දුව විසින් පැමිණිල්ලක් සිදු කරනවා, තමන්ට පොල්ලෙන් හා අතින් පයින් ගසා බරපතල තුවාල ඇති කළා කියලා.දුව රෝහල්ගත වෙනවා. එදා සිට පොලීසියෙන් සොයනවා. මොහු සැඟවෙනවා. පොලීසිය විසින් මොහු අත් අඩංගුවට ගන්නේ ඊයේ රාත්‍රී 10.30ට පමණ. මොහු මෙම පෙළපාලියට කිසිම සම්බන්ධයක් නෑ. කමිසයෙන් ගෙල වැලලාගෙන මිය යන්න ඔන්න මෙන්න තිබිය දී රාළහාමිලා දැකලා රෝහල්ගතකරන අතරමඟ දී ඔහු මිය ගොස් තිබෙන්නේ. මොහු පෙළපාලියටවත් උත්ඝෝෂණයටවත් කිසිම සම්බන්ධයක් නෑ.පොලීසියට විරුද්ධව කරන චෝදනාව අමූලික බොරුවක්'' යැයි අමාත්‍යවරයා පැවසීය