විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට අද (17) එක්වෙිමන් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එම නිෂ්පාදන ආර්ථික මූලෝපාය බලගැන්වීම සඳහා මුදල් අමාත්‍යවරයා කර්මාන්ත පුර බිහිකිරීමට මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන් කර ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.
සාම්ප්‍රදායික දේශපාලන උපක්‍රම තවදුරටත් මේ රටට වැඩක් නොවන බව කී අමාත්‍යවරයා, පරණ දේශපාලන සූදුවෙන් තව දුරටත් ඉදිරියට නොහැකි බවත් මේ රටේ නිෂ්පාදන බල ගැන්වීමට, නිෂ්පාදන පුනරුදයකට යාමට සිදු ව ඇති බවත් පෙන්වා දුන්නේය.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට ලැබෙන ඩොලර් ආදායම හීන වූ බවත් රටේ ආර්ථික අවපාතයට මුහුණ දීමට සිදු වූ බව පෙන්වාදුන් කර්මාන්ත අමාත්‍යවරයා, කොවිඩ් වසංගතය හේතුවෙන් මෙම තත්ත්වය තවත් වර්ධනය වූ බවද කීය.
මේ රටේ කර්මාන්ත කරුවන් කර්මාන්ත කිරීම ආරම්භ කළ බවත්,විදේශික සංචාරකයන් පැමිණීම ආරම්භ වූ බවත් උද්ඝෝෂණ සංවිධානය කරමින් මේ මොහොතේ නැවතත් රට රතු කළාපයකට ඇඳගෙන යාමට කටයුතු නොකරන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉල්ලා සිටියේය.