ඒ සඳහා සියලු කටයුතු සූදානම් බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පැවසීය.
රට වෙනුවෙන් දිවි පිදූ වූ විරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ අබාධිත තත්වයට පත්වු අභීත රණවිරුවන් ද සමාරම්භක දිනය සනිටුහන් කිරීම සඳහා චෛත්‍ය පරිශ්‍රයට පැමිණීමට නියමිතය. අතිගරු ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පවැත්වෙන ‘චූඩා මාණික්‍යය’ නිරාවරණය කිරීමේ උත්සවයට මහා සංඝරත්නය ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් පැමිණීමට නියමිත බවද ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
පුරා දශක තුනක් තිස්සේ පැවති කුරිරු යුද්ධය අවසන් කිරීම සඳහා ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ගේ උදාර සේවය අගය කරනු වස් සඳහිරු සෑ චෛත්‍ය ඉදිකර තිබේ.
මෙහි නිධන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවය පසුගිය මාර්තු මාසයේ පැවැත්වුණි. සඳහිරු සෑ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ පුරා දින 47 ක් රට පුරා බැතිමතුන්ට වැඳ පුදා ගැනීම සඳහා පෙරහැරකින් වැඩමවීමට කටයුතු යොදා තිබුණි. දිවයින පුරා ප්‍රධාන විහාරස්ථාන 25කදී ජනතාවට වැඳුම් පුදා ගැනීමට අවස්ථාව උදා විය. ඒහි චූඩා මාණික්‍යය පැළඳවීමේ මංගල නැකත නොවැම්බර් 08 දින සිදු කෙරිණ.
රුවන්වැලි මහා සෑයට පසුව ඉදිවන විශාලම දාගැබ මෙය වන අතර මුළු ත්‍රිපිටකයම රන්පත් වල සටහන් කර දාගැබේ නිධන් කර තිබෙන අතර තවත් සර්වඥ ධාතු සහ වස්තු රාශියක් නිධන් කර තිබේ. ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් මත හා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මෙහෙයවීම මත යුද හමුදා නව වෙනි ඉංජිනේරු සේවා රෙජිමේන්තු සිවිල් ඉංජිනේරුවරුන් ඇතුළු රණවිරුවන් හා ආරක්ෂක අංශ සාමාජිකයන් මෙම සෑය සඳහා අපිරිමිත ශ්‍රම දායකත්වය ලබා දි තිබේ