පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කෘෂිකර්මාන්තය වෙනුවෙන් ප්‍රථම වරට නව අයෝජන කලාපයක් ඉදිකිරීමට සැළසුම් - රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ

    නොවැම්බර් 18, 2021

    කෘෂිකර්මාන්තය සඳහ ප්‍රථම වරට නව අයෝජන කලාපයක් ඉදිකිරීමට රජය සැළසුම් කර ඇතැයි  අයවැය 2022 දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා (17) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

     

    විදෙස් කෘෂි නිෂ්පාදකයටද මෙහි ආයෝජන අවස්ථා වෙන් කරන බවත් ඕනෑම කෘෂි නිෂ්පාදනයක් සඳහා ආයෝජන අවස්ථා හිමිවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    රසයනික පොහොර සඳහා වැයකළ සියලුම මුදල් ගොවියා අතට යන බවත් මේ වන විට ගොවියා කාබනික පොහොර නිෂ්පාදනය අරඹා ඇති බවත් පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, ජෛව තාක්ෂණය යොදා ගනිමින් වගා කටයුතු වල යෙදෙන ගොවීන්ට අවශ්‍ය පහසුකම්ද රජය ලබා දී ඇතැයි කීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya