පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    විදේශ ඇමති බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය හමු වෙයි

    නොවැම්බර් 19, 2021

    ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය හමු විය.

    කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති සාර්ථකත්වය මෙන්ම ශ්‍රී ලංකාව තුළ පවතින පුළුල් පරාසයක වර්තමාන ගැටළු පිළිබඳව අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතා බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළේ ය.

    නිල මට්ටමේ සාකච්ඡා දැනටමත් ආරම්භ කර ඇති, වරණීය වෙළඳ ගිවිසුමක් කරා එළඹීම සම්බන්ධයෙන් වන ප්‍රගතිය සහ නාවික ක්ෂේත්‍රයේ සහයෝගිතාව කෙරෙහි විශේෂ අවධානයක් මෙහි දී යොමු විය.

    පුළුල් ඩිජිටල්කරණ වැඩසටහනක් ආරම්භ කිරීමට සහ ගොවීන්ගේ උපයෝජ්‍ය ආදායම ඉහළ නැංවීමට තම රජය ගෙන ඇති මුලපිරීම් පිළිබඳව අග්‍රාමාත්‍යවරිය අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතා හමුවේ විස්තර කළා ය.
    කොළඹ සහ ඩකා නුවර අතර ගුවන් සම්බන්ධකතා වැඩි දියුණු කිරීම සහ සංචාරක ක්ෂේත්‍රය ඉහළ නැංවීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරිණි.

     

    අමාත්‍ය මණ්ඩලයේ 21 වැනි රැස්වීමේ දී ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) උපසභාපතිත්වය භාර ගැනීම සඳහා අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතා ඩකා නුවරට පැමිණියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya