කොළඹ විදේශ අමාත්‍යංශයේ පැවති උත්සවයක දී මෙම පරිත්‍යාගය ප්‍රදානය කෙරිණි. විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විසින් එම පරිත්‍යාගය ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ රාජ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතා වෙත භාර දෙන ලදී.
ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතා සහ තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය මෙම පරිත්‍යාගය ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කළ අතර ගුවනින් එම භාණ්ඩ තොගය ප්‍රවාහනය කිරීමේ පිරිවැය පියවා ගැනීමට දායක වූහ.