තේ සඳහා අවශ්‍ය පොහොර ආනයනය කර තිබෙන බවත් ඒවා ලබෙමින් පවතින බවත් නම්‍යශීලී වීමට අවශ්‍ය තැන්වල රජය නම්‍යශීලී වන බවත් අමාත්‍යවරයා පැවසීය.
පසුගිය වසරේ තේ නිෂ්පාදනය වුණේ කිලෝ මිලියන 280ක්.මෙවර දැනටමත් 280 ඉක්මවා ගොස් තිබෙන්නේ.මේ වසරේ 310ක ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා. ඉතිහාසටේ වැඩිම අපනයන ආදායම පොල් වලින් මේ වසරේ ලැබෙනවා.ඩොලර් බිලියනයක් ආදායමක් ලැබෙනවා.රබර් වලින් වැඩිම ආදායම ඩොලර් බිලියනය ඉක්මවා ගිය ආදායමක් ලැබෙනවා යැයි ද
අමාත්‍යවරයා පැවසීය.
ඉතිහාසයේ වැවිලි භෝග සඳහා වෙන්කළ වැඩිම මුදල වන රුපියල් බිලියන 15ක් මෙවර අයවැයෙන් වැවිලි භෝග සඳහා වෙන් කර ඇති බවද අමාත්‍යවරයා කීය. 2021 වසරේ සැප්තැම්බර් මාසය වන විට සුළු අපයන භෝග අංශයෙන් සමස්ථ අපනයන අදායම වන රුපියල් බිලියන 72ක මුදලක් වාර්තා කර තිබේ. අපනයන භෝග වර්ධනය සහ ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදනයක් සඳහා වැවිලි භෝග රාජ්‍ය අමාත්‍යංශය වැඩපිළිවෙළවල් රැසක් ක්‍රියාත්මක කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
වැවිලි භෝග අමාත්‍යංශය හරහා සිදු කරන කෘෂි අපනයන භෝග වැඩසටහන යටතේ උක්,බඩ ඉරිගු, බුලත්,ගම්බිරිස් , කරාබු නැටි කුඩා වැවිලි භෝග සඳහා කලාප දහසක් ස්ථාපනය කිරීමට සැළසුම් කර තිබේ.
මේ වන විට කළාප 260ක වැඩ ආරම්භ කර ඇත. එමඟින් ගුණාත්මක බවින් ඉහළ භෝග තාක්ෂණික දැනුම , තාක්ෂණික සහය,ජල සම්පාදනය වැනි පහසුකම් සපයා දෙයි.මෙම වැඩසටහන යටතේ නව වගාකරුවන් මෙම ක්ෂේත්‍රය කෙරෙහි යොමු කරවන අතර ගොවීන්ගෙන් සෘජුවම භෝග මිලදී ගැනීම සිදු වේ.මෙවර කුළුබඩු මණ්ඩලය ගම්බිරිස් වෙලඳපල මිල පාලනය කිරීමට කිලෝවක් රුපියල් 800 බැගින් ගම්බිරිස් මෙට්ට්‍රික්ටොන් 25ක් දැනටමත් මිලදී ගෙන ඇත.
කෘෂිකර්මාන්තය වෙනුවෙන් ඉතිහාසයේ ගොවිජනතාව සඳහා වැඩිම සහන ලබා දුන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සිටි අවධියේ බවත් කෘෂිකර්මාන්තයේ ඵලදායිතාව ඉහළින්ම ඇති වූයේ මහින්ද රාජක්ෂ රජයේ බවත්ය එය ඉදිරියට ගෙන යාමක් මිස ආපසු හැරවීමක් නොවන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය