අද දින (22) විශේෂ ප්‍රකාශයක් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතය කිරීමට ගොවීන් හුරු කිරීමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක වේ. එම වැඩපිළිවෙලට අනුව රසායනික පොහොර ඉන්දියාවෙන් ආනයනය කර දේශීය ගොවීන් වෙත පොහොර සහනාධාරය වෙනුවට නොමිලේ ලබා දීම සිදු වේ. මෙම නැනෝ නයිට්‍රජන් දියර පොහාර ඉන්දියාවෙන් ආනයනය කිරීමේ ක්‍රියාවලිය හා බෙදාහැරීම සිදු කරනු ලබන්නේ පූර්ණ රාජ්‍ය සමාගමක් වන කොලම්බු කොමර්ෂල් පොහොර සමාගම මගිනි.
එහිදී රජයේ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනකූලව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව මෙකී පොහොර ආනයනය කටයූතු සිදු කෙරේ. මෙම ක්‍රියාවලිය සිදු කර ඇත්තේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ගේ පූර්ණ අධීක්ෂණය යටතේයි.
තවද මේ දිනවල මහත් ආන්දොලනයකට ලක්ව තිබෙන චීන කාබනික පොහොර ගෙන්වීෆම් ක්‍රියාවලිය සිදු කර ඇත්තේ ද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශය මත සිදු කරන ලද ප්‍රසම්පාදන ක්‍රියාවලිය මත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්වයි.
තමා ඒ සඳහා කිසිදු ඇඟිලි ගැසීමක් සිදු කර නැති බව අමාත්‍යවරයා අවධාරණය කළේය. නැනෝ නයිට්‍රජන් පොහොර ලංකාවට ආනයනය කරළ යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් සමාගමේ සභාපති වන මොහාන් පෙරේරා යන අය විසින් පසුගියදා පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම පොහොර ආනයනය සම්බන්ධයෙන් තමාගේ කිසිදු සම්බන්ධයෙන් නොතිබූ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇතැයිද ද කීය
තමාට එරෙහි අපහාසාත්මක ප්‍රකාශ සිදු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.