ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහි දී අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා අදහස් දක්වමින්;
“අද අපේ රට මුහුණපාන්නේ 1948 ස්වාධීනත්වය ලබාගත් පසු උද්ගත වෙලා තිබෙන උග්‍රතම ආර්ථික අර්බුදයටයි. එයට විවිධ හේතු තිබෙනවා. හුඟාක් හේතු ජාත්‍යන්තර මට්ටමේ බලපාන හේතුයි. හැබැයි ඒකට මුහුණදිමේදි හුදකලාවේ කටයුතු කරන්න අපිට අවශ්‍යතාවයක් නෑ. අපේ ජාත්‍යන්තර සම්බන්ධතා ඉතාමත් සුහඳ මට්ටමක පවතිනවා.ඒ සම්බන්ධතාවයෙන් ප්‍රයෝජනය ලබාගෙන අපේ මිත්‍රශිලි රටවල් සමඟ යම්කිසි ඒකාබද්ධ ප්‍රතිපත්තිමාලාවකට පැමිණිමට පුළුවන් තත්වයක් අද තිබෙනවා. විශේෂයෙන් ඉන්දියාව සමඟ ඉතා සමීප සම්බන්ධතාවයක් ශ්‍රි ලංකා රජය සහ ඉන්දියානු රජය අතර තිබෙනවා. සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි අපි කටයුතු කරන්නේ. මීට පෙර ශ්‍රි ලංකාවට ආර්ථික ප්‍රශ්න, විවිධ ප්‍රශ්න ඇති වී තිබෙන අවස්ථාවල දී කිසිම පැකිලීමකින් තොරව ඉන්දියාව අපේ සහයට පැමිණියා.
බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා දින කිහිපයකින් නිල සංචාරයකට ඉන්දියාවට යනවා. ඉන්දියාවේ අගමැතිතුමා , විදේශ ඇමතිතුමා යන ඉන්දියානු රජයේ නයකත්වය සමඟ සාකච්ඡා පැවැත්වීම සඳහා ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා
නවදිල්ලියට යනවා. එහි අරමුණ ණය ලබා ගැනීම නොවේ. එමනිසා අවධානය යොමු වෙලා තිබෙන්නේ වෙන ක්‍රමවේද හරහා රටට අවශ්‍ය ප්‍රාග්ධනය ලබා ගැනීමයි.”
යනුවෙන් පැවසූ ඒ මහතා, මෙසේ ද ප්‍රකාශ කළේය;
“පාර්ලිමේන්තුව දැන් විවාදයට භාජනය වෙලා තිබෙනවා අයවැය ලේඛනය අද හවස 02 වන වර කියවීමේ ඡන්දය විමසනවා. හෙට කමිටු අදියර ආරම්භ වෙනවා. තුන්වර කියවිමේ අවසානයේ අවසන් ඡන්දය පැවැත්වෙන්නේ දෙසැම්බර් 10 වෙනිදායි. ඉන්පසු පාර්ලිමේන්තුව රැස්වෙන්නේ ජනවාරි මාසයේය. ජනවාරි මාසයේ දෛවන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙන විට අපි බලාපොරොත්තු වෙනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කියන කෙටුම්පත සුදානම්වෙලා තිබෙයි කියලා. දැනට ඒ කාර්යය භාරවෙලා තිබෙන්නේ විද්වත් කමිටුවකටයි. එහි සභාපතීත්වය දරන්නේ රෝමේෂ් ද සිල්වා මැතිතුමායි. මේ අවුරුද්දේ අවසානවීමට පෙර ඒ විද්වත් කමිටුව සකස් කරනවා සම්පූර්ණ යෝජිත අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ඒ ක්‍රියාධමයේ අවසානයේ ජනවාරි අවසානය වන විට ඒ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පුළුවන් තත්වයක් තිබෙනවා.
සමස්ථ ක්‍රියාදමය තුළ රටේ විශේෂ උනන්දුවක් තිබෙන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳවයි. දේශපාලන පක්ෂ අතර, සාමාන්‍ය ලාංකිකයන් අතර ප්‍රබලම ඉල්ලීමක් තිබෙනවා වර්තමාන මැතිවරණ ක්‍රමය අපේ රටට ගැලපෙන්නේ නෑ කියලා. දැනටම ගරු දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන ඇමතිතුමාගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් මේ පිළිබඳව ක්‍රියාත්මක වෙනවා. දිනේෂ් ගුණවර්ධන කමිටුවේ නිර්දේශත් ජනවාරි අවසානයේ, පෙබරවාරි මුල වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පුළුවන් තත්වයක් තිබෙනවා. දිනේෂ් ගුණවර්ධන කමිටුවට භාරවෙලා තිබෙන්නේ පුළුල් පරිපතයක්. පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රම පමණක් නොවේ පළාත් සභා මැතිවරණ, පලාත් පාලන ආයතන මැතිවරණ සියල්ලටම බලපාන නව මැතිවරණ ක්‍රමය කුමක් ද කියලා සලකා බලා ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමේ කාර්යභාරය
තමයි ඒ කමිටුවට පැවරිලා තිබෙන්නේ. 2022 මුල් මාස කිහිපය තුළ ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්න්ධයෙන් ඉදිරිපත් වන සංශෝධන , විශේෂයෙන් මැතිවරණ ක්‍රම වෙනස් කිරීම සම්බන්ධයෙන් යෝජනා මේවාට ප්‍රමුඛත්වය දීමට රජය බලාපොරොත්තු වෙනවා. ” යනුවෙන් මෙහි දී සඳහන් කළේය.