අද (22) අයවැය දෙවන වර කියවීමේ අවසන් දින විවදයට එක්වෙමින් අමාත්‍යවරයා කීය.
මහින්ද ගෝඨාභය සුසංයෝගයෙන් සැදි මේ රජය කෙරෙහි ජනතාව තැබු විශ්වාසය බිඳ දමන්නේ නැතැයි සහතික වන බව කී අමාත්‍යවරයා, විශේෂයෙන් සංචාරක කර්මාන්තය නගාසිටුවීමට මුදල් වෙන් කර ඇතැයිද කීය.
මිලියන 03ක් පමණ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස අද විශාල අභියෝගයට ලක්ව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඔවුන් රැක ගැනීම සඳහා රජය පියවර රැසක් ගත් බවත් ලීසිං සහන, එලෙස ලබා දුන් කාල සීමාව ලබන වසරේ මාර්තු මාසය වන තුරු තව දුරටත් දීර්ග කරන බවද විදුලි ,ජල බිල්පත් ගෙවීමේ කාල සීමාවද දීර්ග කරන ලෙස ඉල්ලීම් කර ඇතැයි කිය.
සංචාරක ක්ෂේත්‍රය තුළ පැලැස්තර දමමින් මෙම කර්මාන්තය ගොඩ ගත නොහැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එම අභියෝගය ජය ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් යන බවද සඳහන් කළේය. සංචාරක ක්ෂේත්‍රයේ අයට එන්නත ලබා ගැනීමේ ප්‍රමුඛතාවය ලබා දී ඇති බවත් මේ වන විට ක්‍රමානුකූලව විදේශිකයින් පැමිණෙමින් සිටින බවද කීය.