විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේ පිළිතුරු කතාව පවත්වමින් මුදල් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් උපයාගත් දේපළ රාජසන්තක කළාසේම අනෙකුත් වංචා පිළිබඳව ද නිත්‍යානුකූලව ඔප්පු වුවහොත් ඒ දේපළද පවරා ගැනීමට තමා පසුබට නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
තවත් එවැනි වංචා ගැන තොරතුරු තිබේ නම් යෝජනා ඉදිරිපත් කරන ලෙසද සියළු දෙනා එක්ව රට ගොඩ නගමු යැයිද අමාත්‍යවරයා කීය.