ඔහු මේ බව පැවසුවේ, අද (23) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමිනි.
මීට සති 02කට පමණ පෙර කාලයේදී දිනකට රෝගීන් 3 -4 ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලැබීම සදහා රෝහලට ඇතුලත් වුවද, මේ වන විට රෝගීන් 4 -5 ක් පමණ දිනකට රෝහල්ගත වන බවද ඒ අනූව මෙම දිනවල ඩෙංගු රෝගීන්ගේ පැහැදිලි වැඩිවීමක් දක්නට ඇතැයිද ඔහු කියා සිටියේය.
ළමයින් අතර ඩෙංගු රෝගය වැඩිවීමක් පෙන්නුම් කරන බවද කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.