එළැඹෙන උත්සව සමයේ කොවිඩ් 19 මැඩපැවැත්වීම සඳහා පොලිසියේ සැලැස්ම පැහැදිළි කරමින් ඒ මහතා මාධ්‍ය වෙත අද (23) මෙම අදහස් දැක්වීය.
මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ, නිසි පරිදි මුඛ ආවරණ නොපැළඳි පුද්ගලයන් සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගැනීමට කටයුතු කරන බවත්, මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට ජනතාව කටයුතු කළ යුතු බවත්ය.
කොවිඩ් 19 වෛරසය පැතිරයාම නැවතත් වැඩිවී ඇති බවත්, එයට හේතුව මහජන ඒකරාශී වීම් ලෙසත් සඳහන් කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පවසන්නේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කළ මාර්ගෝපදේශ මහජනතාව අමතක කරමින් යන ස්වභාවයක් පෙන්නුම් කරන බවයි.
එමනිසා කොවිඩ් 19 රෝගය වැළැක්වීම සඳහා මහජනතාව නැවතත් සෞඛ්‍යාරක්ෂක ක්‍රම භාවිත කළයුතු බව පවසන තල්දූව මහතා රෝගය පැතිරීම වැළැක්වීමට සහය දෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලා සිටී.