පෙබරවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    නිදහස් අධ්‍යාපනය ඔබේ මහ වස්තුවයි - එනිසා කිසිදිනෙක පසුබසින්න එපා -අධ්‍යාපන අමාත්‍ය

    නොවැම්බර් 23, 2021

    2020 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට සමස්ථ ලංකා මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් විශිෂ්ට ප්‍රතිඵල ලද සිසු සිසුවියන් ඇගයීම අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 22 දින බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදි සිදුකෙරිණ.

     

    එම අවස්ථාව ඇමතු අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා;

    “මෙය සුවිශේෂි මෙන්ම සුන්දර අවස්ථාවක්. හොඳින් අධ්‍යාපනය ලබා විජයග්‍රහණය කළ එම සිසු දරුවන්ටල දෙමව්පියන්ටල විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට සුවිශේෂි වූ අවස්ථාවක්. අප රටේ ලක්ෂ සංඛ්‍යාත දුවා දරුවන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. ඒ සැවොම ජයගන්නවා දැකීම අපේ ඒකායන අරමුණයි. ඒ අය අතරින් සමහර දරුවන් විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ විශිෂ්ට ලෙස තම දස්කම් ප්‍රදර්ශණය කරනවා.


    ඔබ අපට ආඩම්බරයක්. ඔබ මෙන් ම මේ රටේ සියලු දරුවන් අපිට ආඩම්බරයක්. අපේ රටේ අනාගතය තියෙන්නේ ඔබේ අතේ. නිදහස් අධ්‍යාපනය ඔබේ මහ වස්තුවයි. ඒ නිසා කිසිදිනෙක පසුබසින්නට එපා. දැනුම නැමති වැදගත්ම වස්තුව අධ්‍යාපනයයි. අධ්‍යාපන කාර්යය තුළ හරියාකාර කළමනාකරණය කරන දක්ෂයා ඔබයි. එය ලබාදෙන ආයතනය පාසලයි. ඔබේ දක්ෂතාවය හැකියාව හා කැපවීම මත ඔබ එය පරිහරණය කරන්නේ කෙසේද යන කාරණාව මත සුවිශේෂ මහා අනාගතයකට ගමන් කිරීමට ශක්තිය බවට පත්වෙනවා.


    එම නිසා ඒ සියලු දක්ෂතා වෙනුවෙන් ඔබ ඇගයීමටත් ප්‍රණාමය පුදන්නටත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන්ල අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මම ඔබව අගය කරනවා. ඔබ වැනි ලක්ෂ හතළිස් තුනක පාසල් යන දරුවන් වෙනුවෙන් අනාගතයේ තවත් අඛණ්ඩව ගමන් කරන මේ මහා ගංගාවක් වැනි ලංකාවේ වැඩිම මුදලක් අධ්‍යාපනයට වෙන් කරන ලද අයවැය ලේඛණය තමයි මේ. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව තෙක් ද බටහිර සිට නැගෙනහිර වෙරළ තෙක් ද පාසල් දහස් ගණනක් සිසුන් අතරින් ඔබ විශිෂ්ටයන්. ඒ විශිෂ්ටත්වයේ පණිවිඩය සියලු දරුවන්ට ඔබ හරහා ගෙන යන්න. රට ඔබෙන් බලාපොරොත්තු වන්නේ එයයි. සියලු දෙනා තමන් ලබා ගන්නා දැනුම ඥානය තමන්ගේ අත්දැකීම් සම්භාරය අපේ මාතෘ භූමියට අනාගත දියුණුව පිණිස දායාද කරන්න.


    රටේ අසීරු අවස්ථාවක තමයි ඔබේ ප්‍රතිඵල නිකුත් වන්නේ. එය අධ්‍යාපන අමාත්‍යාංශය ලද ජයග්‍රහණයක්. මේ රටේ දුවා දරුවන්ගේ අනාගතය දැනුමින් පෝෂණය කරන්නට අධ්‍යාපන අමාත්‍යාංශය සහ රාජ්‍ය අමාතයාංශ මෙන්ම අප සියලු දෙනා කැප වී සිටිනවා“.

    මෙහි දි විශිෂ්ට ප්‍රතිඵල ලබමින් විශිෂ්ටයින් අතරට එක් වූ පූර්ණ අන්ධභාවයට පත් සිසුන් දෙදෙනෙකු සහ ආබාධිත සිසුවියක ද ඇගයීම් ලැබීය.


    පාර්ලිමේන්තු අධ්‍යාපන උපදේශක කාරක සභිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අනූප පැස්කුවල්, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්විය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya