අදාළ සිදුවීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පාර්ලිමේන්තුවේ කළ අදහස් දැක්වීමට පිළිතුරු වශයෙන් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ ය.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිත හානි සිදුවීම පිළිබඳව රජයේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවත්, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරනවා. අදාළ පාරුව යෙදීම සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියට කිසිදු සම්බන්ධයක් නැහැ.
දීර්ඝ කාලයක් තිස්සේ එම කලපුව හරහා පාලමක් ඉදිකිරීමට නොහැකි වූ අතර ඒ සඳහා යහපාලන රජය සමයේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුනේ නැහැ. අපේ රජය විසින් එම ජනතාව පත්ව තිබෙන පීඩාවට විසදුමක් ලෙස මෙම පාලමේ ඉදිකිරීම් ආරම්භ කළ බවත් එය කඩිනමින් ඉදිකිරීමට කටයුතු කරනවා.
අනාරක්ෂිත ලෙස මෙම පාරුව භාවිතා කිරීමට අදාළ නගර සභාව අනුමැතිය ලබාදීමෙන් මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවුනා. නිවැරදි ප්‍රමීතීන්ට අනුකූලව මාර්ග සංවර්ධන අධිකාරියෙන් කලපුව හරහා මගී ප්‍රවාහන ක්‍රමවේදයක් සැලසීමට ඉදිරියේදී කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.