පෙබරවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    පාලම් පාරුව පෙරළිමේ සිදුවීම ගැන විශේෂ පරීක්ෂණයක්

    නොවැම්බර් 23, 2021

    ත්‍රිකුණාමලය කින්නියා කුරුඤ්ඤන්කේනි කලපුවේ පාලම් පාරුවක් පෙරළීමෙන් සිදු වූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද (23) පෙරවරුවේ පළාත් පාලන කොමසාරිස් එන්.මනිවන්නන් මහතාට නියෝග කළාය.

    ඉතා කඩිනමින් මෙම සිදුවීමට අදාළ පරීක්ෂණය පවත්වා අදාළ පාලම් පාරුව ක්‍රියාත්මක කිරීමට අවසර දීම සහ නඩත්තු කටයුතු සිදු කළේ කවුරුන්දැයි ඇතුළු කරුණු කාරණා ගැන වහාම තමාව දැනුවත් කරන ලෙසද ආණ්ඩුකාරවරිය අවධාරණය කළාය. මෙම පරීක්ෂණය පැවැත්විම සඳහා පළාත් මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් අයි.කේ.ජී.මුතුබණ්ඩා මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර තිබේ. ඊට අමතරව විශේෂ පොලිස් පරීක්ෂණයක්ද සිදු කරන ලෙස ආණ්ඩුකාරවරිය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දුන්නාය.

    සිද්ධියෙන් කුඩා ළමුන් ඇතුළු හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් විසිදෙනෙකු පමණ රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත. මේ වනවිටත් නාවික හමුදාවේ විශේෂ කණ්ඩායමක් අතුරුදහන් වූ පුද්ගලයන් සොයා මෙහෙයුම් සිදු කරමින් තිබේ.

    මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයන්ගේ ඥාතීන් වෙත සිය දැඩි සංවේගය ප්‍රකාශ කරන බවද ආණ්ඩුකාරවරිය කීවාය.

    අදාළ සිදුවීම සිදුවූ අවස්ථාවේදීම විශේෂ නිළධාරින් පිරිසක් එම ප්‍රදේශයට පිටත් කර යවා සිදුවීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමටද ඇය වැඩිදුරටත් කටයුතු කළාය.

    මේ අවස්ථාවේ ඉතා සන්සුන්ව කටයුතු කරන ලෙස ආණ්ඩුකාරවරිය ප්‍රදේශවාසී ජනතාවගෙන් ඉල්ලිමක්ද කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya