පෙබරවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    කාන්තාවන්ට සහ අනෙකුත් පාර්ශවලට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීමෙන් වළකින්න- කථානායක

    නොවැම්බර් 23, 2021

    පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා විසින් සමඟි ජන බලවේගයේ මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මියට අදාළව සිදුකළ අසභ්‍ය ප්‍රකාශය පිළිබඳ තමන් කණගාටුවට පත්වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    කථානායකවරයා පැවසුවේ, මෙවැනි සිදුවීම් ඉදිරියට සිදුනොවීම සඳහා වගබලා ගැනීම ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ යන පාර්ශව දෙකෙහිම සංවිධායකවරුන්ගේ වගකීම බවයි.තමන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිබඳ සොයා බැලීම සංවිධායකවරුන්ගේ වගකීම බවද කථානායකවරයා පෙන්වා දුන්නේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය ඊයේ දිනයේ කථානායකවරයා වෙත යොමුකර තිබූ වරප්‍රසාද පැමිණිල්ල අධ්‍යයනය කිරීමෙන් පසුව කථානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

    කාන්තාවන්ට සහ අනෙකුත් පාර්ශවලට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීමෙන් වළකින ලෙසද කථානායකවරයා එහිදී තිස්ස කුට්ටිආරච්චි මහතාට දැඩිලෙස අවවාද කළේය.

    මෙම අවස්ථාවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සභාපති රාජ්‍ය අමාත්‍ය ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ, සභාවේ උත්තරිතර බව රැකෙනුයේ සභාවේ හැසිරීම මත බවයි. කාන්තා මන්ත්‍රීවරියන් 12 දෙනෙකු සභාවේ සිටින බවත් ඒම මන්ත්‍රීවරියන්ගේ ගෞරවය ආරක්ෂා වනපරිදි කටයුතු කරන මෙන් අමාත්‍යවරිය කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

    මෙම අවස්ථාවට ඒක් වූ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංගමයේ තලතා අතුකෝරාල මන්ත්‍රී තුමිය මේ සම්බන්ධයෙන් කතානායකවරයාට සිය ස්තුතිය ප්‍රකාශ කළ අතර මෙම තත්වය දිගින් දිගටම සිදුවන බැවින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. මෙම තත්වය දිගින් දිගටම සිදු වීම පාලනය කළ යුතු බවද අමාත්‍යවරිය සඳහන් කළාය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya