පෙබරවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ලක්සළ ආයතනයේ පළමු නිමි ඇඳුම් කන්ටේනරය ඇමරිකාවට

    නොවැම්බර් 23, 2021

    ලක්සළ ආයතනයේ පළමු නිමි ඇඳුම් කන්ටේනරය ඇමරිකාවට යවන බව බව බතික්, අත්යන්ත්‍ර රෙදිපිළි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

     බතික් සහ අත්යන්ත්‍ර කර්මාන්තය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

    මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය, ජනාපනය, එංගලන්තය, ඩුබායි වැනි රාජ්‍ය්‍ය සමඟ දේශීය රෙදිපිළි අලෙවිය සම්බන්ධයෙන් ගිවිසුම් ගත වී ඇති බව පැවසූ අමාත්‍යවරයා, ඉදිරියේදී තවදුරටත් මේ වැඩපිළිවෙළ පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව ද කිය.

    මෙම කර්මාන්තයේ ඇති ප්‍රධාන ගැටළුව අමුද්‍රව්‍ය මිල අධික වීම බව කී අමාත්‍යවරයා, මෙම කර්මාන්තය සඳහා අවශ්‍ය නූල් සහ ඩයිවර්ග ඉදිරියේදී සළුසල ආයතනය මගින් ආනයනය කර බෙදාහැරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරන බවත් බදු රහිතව මේවා ගෙනීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයිද කීය.

    අත්යන්ත්‍ර පේෂකර්ම විකුණා ගැනීමේ ගැටළු ඇති වී ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රි 225 දෙනාද පිටරටින් ගෙන්වන ලිනන් රෙදි වෙනුවට දේශීය රෙදි අඳින ලෙස ඉල්ලා සිටින බවද කීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya