පෙබරවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    එක්සත් රාජධානියේ ජලමානක කාර්යාලයේ ධූත පිරිසක් නාවික හමුදා ජල මානක ප්‍රධානී හමුවෙයි

    නොවැම්බර් 24, 2021

    එක්සත් රාජධානියේ ජලමානක කාර්යා‍ලයේ (United Kingdom Hydrographic Office - UKHO) මැදපෙරදිග සහ අප්‍රිකාවේ හවුල්කාරිත්ව හා සබඳතා ප්‍රධානී ටිමොති විලියම් ලුවිස් මහතාගේ (Timothy William Lewis) ප්‍රධානත්වයෙන් යුත් එක්සත් රාජධානියේ ජලමානක කාර්යාලයේ ධූත පිරිසක්  නොවැම්බර් 22 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ හා රජයේ ඒකාබද්ධ ජල මානක ප්‍රධානී, රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න මහතා හමුවිය.

    එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ද්විපාර්ශ්වික ජලමානක ගිවිසුම ප්‍රකාරව සිදු කිරීමට නියමිත පුහුණු වැඩසටහන් සිදු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් රාජධානියේ ජලමානක කාර්යා‍ලයේ ධූත පිරිස මෙලෙස නාවික හමුදා ජල මානක ප්‍රධානී හමු විය. එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් ජල මානක කටයුතු සම්බන්ධ ප්‍රගතිය පිලිබඳව නාවික හමුදා ජලමානක ප්‍රධානී විසින් එම ධූත පිරිස වෙත අදහස් දක්වන ලද අතර, එක්සත් රාජධානියේ ජල මානක කාර්යාලය ශ්‍රී ලංකාවේ ජල මානක ක්ශේත්‍රයේ සංවර්ධනය සඳහා ලබා දෙන සහයෝගීත්වය අගය කිරීමට ද මෙහිදී නාවික හමුදා ජලමානක ප්‍රධානී විසින් කටයුතු කෙරිණි.

    තවද, මෙම හමුව සඳහා, ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානි මහකොමසාරිස් කාර්යාලයේ අරක්‍ෂක උපදේශක කර්නල් ඩේවිඩ් අශ්මාන් (Colonel David Ashman) මහතා, එක්සත් රාජධානියේ ජල මානක කාර්යාලයේ පුහුණු කළමනාකරු ජෙරමි කිච්කර් මහතා (Jeremy Kitchker) යන නියෝජිතයින් ද සහභාගී වන ලදී.

    ඒ අනුව, විද්‍යුත් නාවික සිතියම් (Electronic Navigational Charts - ENC) පිළිබඳ දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක් එක්සත් රාජධානියේ ජලමානක කාර්යා‍ලයේ ධූත පිරිස විසින් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි මාලිමා අවන්හල් පරිශ්‍රයේදී (2021 නොවැම්බර් 23) ආරම්භ කෙරුණු අතර, මෙම පුහුණු වැඩසටහන 2021 දෙසැම්බර් 10 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya