2022 විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ අද(24) දින විවාදයට ගැනෙන අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි සියළුම ආගම් ආරක්ෂා කිරීම රජයේ වගකීම බවත් සියළුම අන්‍ය ආගමික සිද්ධස්ථාන සංවර්ධනයට සහ ආගමික නායකයන් වෙනුවෙන් විශාල මුදලක් වෙන් කර ඇතැයිද කිය.
ශ්‍රී ලාංකීය සංස්කෘතිය සහ සභ්‍යත්වය දහමින් දැනුමින් සහ විනයෙන් පෝෂණය කළ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම ජාතික වගකීමක් ලෙස සළකා කටයුතු කරන බව කී අග්‍රාමාත්‍යවරයා, බෞද්ධ ධර්මය විකෘති නොකර ආරක්ෂා කර ගැනීම, සංඝ ශාසනය ආරක්ෂා කර ගැනීම, බෞද්ධ සිද්ධස්ථාන දියුණු කිරීම සහ සාරධර්ම පිරි සමාජයක් බිහි කර ගැනීම සඳහා විවිධ ව්‍යාපෘති වැඩසටහන් රැසක් මෙවර අයවැයෙන් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇතැයිද කීය.
පුද්ගලයන් ගුණගරුක සහ විනියගරුක කිරීමේ කාර්ය ආගමික සහ සංස්කෘතික අමාත්‍යංශය වෙත පැවරී ඇති බවත් එම කටයුතු නිසි පරිදි ඉටු කරන බවත් ඊට බාධා වන මත්ද්‍රව්‍ය ආදියට ඇබ්බැහි වූවන් හඳුනාගනිමින් ඔවුන් පුනරුත්ථාපනය කර සමාජගත කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවද එය 2022 වසරේදී ක්‍රියාත්මක කරන බවද අගමැතිවරයා සඳහන් කළේය.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ජාතික චිත්‍රපට සංස්ථාව, ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය හරහා උසස් කලා නිර්මාණ බිහි කිරීමට අවශ්‍ය පරිසරය සැකසීමට අවධානය යොමු කර ඇතැයිද අගමැතිවරයා සදහන් කළේය.කලා ක්ෂේත්‍රයේ යෙදෙන ශිල්පීන්ගේ සුභසාධනය වෙනුවෙන්ද මුදල් වෙන් කර තිබේ. පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන බවද කීය.