පෙබරවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනය කළ හැකියි - එහෙත් රජයේ ප්‍රතිපත්තිය වන්නේ හරිත කෘෂිකර්මාන්තයයි - කෘෂිකර්ම අමාත්‍ය

    නොවැම්බර් 24, 2021

    හරිත කෘෂිකර්මාන්තය නැවත ඇති කිරීම උදෙසා රසායනික දිලීර නාශක හා වල් නාශක ආනයනය තහනම් කිරීමට අප්‍රේල් මස 26 වන දින නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කරන බවත්, අද සිට පෞද්ගලික අංශයට රසායනික
    පොහොර ආනයනය කර විකිණීමේ අවස්ථාව හිමිවන බවත්, ඊට අදාළ ගැසට් පත්‍රය කඩිනමින් නිකුත් කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි.


    එහෙත් රජය විසින් එලෙස රසායනික පොහොර ආනයනය කිසිසේත්ම සිදු නොකරන බවත්, රජයේ ප්‍රතිපත්තිය වන්නේ හරිත කෘෂිකර්මාන්තය බවත් එය කිසිවිටෙක වෙනස් නොවන බවත්, කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන්
    කළේ අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ය.

    එනමුත් රජයේ පොහොර සහනාධාරය, රජයේ බීජ ලබා දීම, වී සඳහා සහතික මිලක් ලබා දීම, තාක්ෂණය, ඒ සඳහා වෙළඳපොළ, වැනි සියලු දේ රජය විසින් ලබා දෙන්නේ හරිත කෘෂිකර්මාන්තයට බවත් රසායනික පොහොර විවෘත
    වෙළඳපොළ තුළ අවශ්‍ය පරිදි ලබා ගැනීමට අවස්ථාව ලැබී තිබෙන බවත්, සියලු පාර්ශ්ව සාමුහිකව හරිත කෘෂිකර්මාන්තය පිලිබඳ පැසසුම් එක්කළ ද ගොවින් විසින් රසායනික පොහොර නොමැතිකම නිසා උද්ඝෝෂණ ආදිය
    සිදු කරමින් ඉල්ලීම් කළ හෙයින් එහෙත් රජයේ ස්ථාවරයේ කිසිඳු වෙනසක් නොකර රජය විසින් මෙම ගැසට් පත්‍රය ඉවත් කිරීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය

    ඒ අනුව කිසිවිටෙක රජය රසායනික පොහොර ආනයනය නොකරන අතර, ඒ සඳහා කිසිඳු සහනාධාර ලබා දීමක් සිදු කරන්නේ ද නැති බව හෙතෙම කියා සිටින ලදුව, මෙරට කාබනික පොහොර නිෂ්පාදනය කොට හරිත කෘෂිකර්මාන්තය සිදු කළ නොහැකි බවට ඇතැමුන් නඟන මතය මිත්‍යාවක් බවත්, මෙම හරිත කෘෂිකර්මාන්තය උදෙසා දියුණු තාක්ෂණය උපයෝගී කොට ගත හැකි බවත්, ආනයනය කරන නැනෝ නයිට්‍රජන් එලෙස මෙරට
    නිපැයූ තාක්ෂණයක් බවත් ඒ මහතා කියා සිටියේය.

    රසායනික පොහොර 70%ක් ජලයට සහ වාතයට මුසු වේ. එහෙත් නැනෝ නයිට්‍රජන් යනු පරිසර හිතකාමී දෙයක් බවත්, රජයේ ප්‍රතිපත්තියෙන් බැහැර නොවී දේශීය කාබනික නිෂ්පාදකයින් දිරිගැන්වීමටත් කටයුතු කරන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya